Saturday, April 30, 2016

ජාත්‍යන්තර කම්කරු දිනය


ජාත්‍යන්තර කම්කරු දිනය(දීපානි ප‍්‍රියංගිකා අත්තනායක)


                                 මැයි පළමුවැනිදා එය ලෝක කම්කරුවන්ගේ දිනය ලෙස සැලකේ. මීට සතවර්ෂයකට එපිට කාලයක් දක්වා විහිදෙන මැයි දින ඉතිහාසය ලෝකය ට මතක් කර දෙන්නේ වැඩකරන ජනතාව යනුවෙන් පිරිසක්ද සමාජය තුළ වෙසෙන බවයි.මැයි දිනය ආරම්භ වූයේ 1886 වර්ෂයේදී ඇමරිකාවේ හේමාකට් චතුරස‍්‍රයේදීය. ඒ වැඩකරන ජනතාව පැය 8 ක වැඩමුරයක් ඉල්ලාය. කම්කරු ජනතාවගේ මෙම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ චිකාගෝ කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම නිසා තත්ත්වය උණුසුම් විය.හාම්පුතුන්ගේ දරදඬු පාලනයට විරුද්ධ වූ කම්කරු ජනතාව පෙළපාලි දැක් වූ නිසා ඔවුන්ගෙන් සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූහ. මේ නිසා ආවේගයට පත් දහස් ගණන් වන ජනයා චිකාගෝ හේමාකට් චතුරස‍්‍රයට ගලා එන්නට පටන් ගත්හ. මෙසේ රැස් වූ ජනයා අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙළ ගැසුණු අතර මිනීමරුවන් පෙන්වා දඬුවම් කරන්නැයි රාජ්‍ය පාලකයන්ගෙන් ඉල්ලා සිටියේය.මේ අතරතුර පොලිස් ඔත්තුකරුවෙකු එල්ල කළ බෝම්බයකට හසුව පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මරුමුවට පත්වූහ. මෙයින් පසු පොලීසියේ තුවක්කුද නැවත ජනතාවට එල්ල විය. එයින් කීප දෙනෙකු මරණයට පත් වූ අතර එහි සිටි ජනයාගෙන් දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබූහ.මෙම සිද්ධියෙන් ප‍්‍රයෝජන ගත් චිකාගෝ පොලීසිය කම්කරු නායකයින්ට දඬුවම් දීමට යොදා ගත්හ. මෙයින් කම්කරු නායකයෝ සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කළ අතර දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම පැනවූහ.


                          චිකාගෝ සුපිරි කම්හල් හිමි ධනේශ්වරයින්ගේ මෙම කි‍්‍රයාවලිය එදා එහි සිටි පොලිසිය අනුමත කළත් ලොව කිසිඳු ජන වර්‍ගයක් අනුමත කළේ නැත. ඒ නිසාම ලෝකය පුරා පැතිර ගිය ජාත්‍යන්තර කම්කරු අරගලයකට මුල පිරීය.පැය 08 ක වැඩ මුරයක් හා සර්වජන ඡන්ද බලයක් ලබා ගැනීම සඳහා මුළුමහත් කම්කරු ජනතාවම එක්සත්ව සටන් කළහ.ඒ අනුව 1889 ජුනි මාසයේ පැරිස් නුවරදී “ පෙඩ්ඩ‍්‍රක් එංගල්ස්ගේ “ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු කම්කරුවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී චිකාගෝ නුවර හේමාකට් චතුරස‍්‍රයේදී ඇති වූ කම්කරු සටන් අනුස්මරණය මැයි පළමුවැනි දාට යොදා ගත්තේය. නමුත් ප‍්‍රථම වරට මැයි දිනය සමරන ලද්දේ 1890 දීය. ප‍්‍රංශ නියෝජිත “ ලැව්ටනි “ විසින් කම්කරුවන් එක්සත්ව කි‍්‍රයාකරන ජාත්‍යන්තර කම්කරු දිනයක් ලෙස යෝජනා කළ අතර සමුළුව එය ඒකමතිකව සම්මත කළේය. මැයි දිනය ආරම්භ වූයේ එපරිද්දෙනි. 

          ලංකාවේ මැයි දින  ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය. මෙම මැයි පෙළපාලිය පාලනය සඳහා කම්කරු පොලිස් හමුදාවක් යොදා තිබුණු අතර මත්පැන් පානයද තහනම් විය. සැබවින්ම එය විනය ගරුක කම්කරු උළෙලක් විය. පසුකාලය වන විට මෙය මැයි පෙළපාලියක් බවට පත් වූ අතර එය කී‍්‍රඩා තරග හා සම්මත රැළියක් බවට පත්විය. 1947 පමණ වනවිට මෙරට කම්කරු අරගල උත්සන්න විය. එහිදී වැඩ වර්ජනයක් සිදු වූයෙන් එයින් ගෙදර ගිය බොහෝ දෙනා පසුව කම්කරු නායකයන් බවට පත්වූහ. 1956 දී අගමැති බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී.ල.නි. පක්ෂය හා පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණ රජයේ මැයි දිනය රතුපාටින් හා නිල් පාටින් පැවැත්විය. එසේම ප‍්‍රථම වරට මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වූයේ බණ්ඩාරනායක මහතා ගේ ආණ්ඩුවෙනි. ඒ වන විට කම්කරු ඇමතිවරයා ලෙස කටයුතු කළේ ටී. බී. ඉලංගරත්න මහතාය.

සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ

සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ



බොහොමයක් දෙනා ලිංගික සංසර්ගයට පෙර එහි ඇති සතුට ගැන මිස අවදානම ගැන සිතන්නේ නැහැ. ලංකාවේ බහුල සමාජ රෝග අතර human papilloma virus, Chlamydia, Gonorrhea, Syphilis, herpes, Trichomonas සහ HIV/AIDS ප්‍රධාන වෙනවා. 

HPV (Human papilloma Virus)

ලිංගික සංසර්ගයේ යෙදෙන අය අතරෙන් බහුතරයකට ජීවිතයේ කවදා හෝ කලක HPV ආසාදනයක් ඇති වෙනවා. HPV වෛරස වර්ග 30 ක් පමණ ඇති අතර ලිංගික, මුඛ සංසර්ගයෙන් හා දීර්ඝ කාලීන ස්පර්ශයෙන් මේවා බෝ විය හැකියි. එහෙත් බොහොමයක් HPV වෛරස සිරුරේ ප්‍රතිශක්තිය මඟින් විනාශ කරන නිසා කිසි හානියක් කරන්නේ නැහැ. එහෙත් සමහර HPV වෛරස නිසා ලිංගික ඉන්නන් (Genital Warts) ඇති වෙනවා. සමහර HPV වෛරස නිසා කටේ හා ගැබ් ගෙලේ පිලිකා ඇති වෙනවා. සුව නාරි සායනයේ දී Pap පරීක්ෂණය මඟින් වයස 35 ට වැඩි කාන්තාවන්ට ගැබ් ගෙල පිලිකා තිබේ දැයි පරීක්ෂා කරනවා. වයස 35 ට වැඩි සෑම කාන්තාවක් ම ඒ සායනයට සහභාගි වීම ඉතාමත් වැදගත්. 

Chlamydia

මේ ආසාදනය Chlamydia trachomatis නම් බැක්ටීරියාව නිසා ඇති වෙනවා. මේ ආසාදනය ඇති පිරිමින්ගෙන් 50% කට හා ගැහැණුන්ගෙන් 25% කට පමණ රෝග ලක්ෂණ ඇති වෙනවා. Chlamydia ආසාදනය නිසා යෝනි මාර්ගයෙන් හෝ මුත්‍රා මාර්ගයෙන් ශ්‍රාවයක් නිකුත් වෙනවා. මුත්‍රා දැවිල්ල, වේදනාව හා කැසීම ඒ හා සම්බන්ධ වෙනත් ලක්ෂණයි. මෙම ආසාදනය ප්‍රතිජීවක බෙහෙත් මගින් සුව කල හැකියි.

Gonorrhea

මෙය ද බැක්ටීරියා ආසාදනයක්. මේ ආසාදනය වැලඳුනු සෑම පිරිමියාට ම වාගේ රෝග ලක්ෂණ ඇති වුනත් කාන්තාවන්ගෙන් 20% කට පමණක් රෝග ලක්ෂණ ඇති වීම විශේෂ කාරණයක්. මුත්‍රා දැවිල්ල, යටි බඩේ වේදනාව, යන්තමට උණ ගතිය, මුත්‍රා මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම මේ ආසාදනයේ රෝග ලක්ෂණයි. Gonorrhea රෝගය ද ප්‍රතිජීවක බෙහෙත් මඟින් සුව කල හැකියි.

Syphilis 

මේ රෝගය සෑදෙන්නේ Treponema pallidum නම් බැක්ටීරියාව නිසායි. මේ රෝගයට අවස්ථා 4 ක් තිබෙනවා. පලමු වන අවධියේ දී කටේ, යෝනි මාර්ගයේ හෝ ලිංගේන්ද්‍රයේ කුඩා තුවාලයක් සෑදීම ප්‍රධාන ම රෝග ලක්ෂණයයි. මේ තුවාලය සුළු කැපුමක් හෝ කුඩා බිබිලක් ලෙස ඇති වෙන නිසා මේ අවස්ථාවේ දී රෝගය හඳුනා ගැනීම ඉතා අපහසුයි. දෙවන අවස්ථාවේ දී සිරුරේ දදයක් (rash), කටේ හා ලිංගේන්ද්‍රයන්ගේ තුවාල ඇති වෙනවා. තුන් වැනි අවස්ථාවේ දී ඉහත කී රෝග ලක්ෂණ අඩු වී යන අතර සමහර විට මුලු ජීවිත කාලය පුරාම රෝගය මේ තුන් වන අවධියේ තිබිය හැකියි. ප්‍රථිකාර නොකලහොත් රෝගය වැලඳුනු අයගෙන් 15% ක් සිව් වන අවධියට පිවිසෙනවා. සිව් වන අවධියේ දී ස්නායු පද්ධතියට හානි සිදු වීම විශේෂ ලක්ෂණයක්. මෙම රෝගයත් ප්‍රතිජීවක මඟින් මැඬ පැවැත්විය හැකියි. හැකි තාක් ඉක්මනින් රෝගය හඳුනා ගෙන ප්‍රති ජීවක ලබා ගත හැකි නම් රෝගය සුව කිරීම පහසු වෙනවා.

Herpes

HSV 1 හා 2 යන වර්ග දෙකෙන් ම මේ රෝගය ඇති කරනවා. HSV 2 සාමාන්‍යයෙන් HSV 1 ට වඩා සුලභයි. මේ ආසාදනය නිසා මුඛය, ලිංගේන්ද්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිතව  කුඩා වේදනාකාරී බිබිලි හට ගන්නවා. එහෙත් සෑම රෝගියෙකුට ම මේ බිබිලි ඇති වන්නේ නැහැ. මේ රෝගය පහසුවෙන් බෝ විය හැකියි. සම මත ස්පර්ශයෙන් මෙය බෝ වෙනවා. බිබිලි ඇති විට රෝගය වෙනත් අයෙකුට බෝ කිරීමේ ප්‍රවණතාවය ඉහලයි.

HIV/AIDS

HIV නම් වෛරසය නිසා AIDS රෝගය හටගන්නවා. යෝනි මාර්ගයේ ශ්‍රාවයන්, ශුක්‍ර තරලය,, රුධිරය හා මව් කිරි වලින් මේ ආසාදනය පැතිරෙනවා. සිප ගැනීමෙන් හෝ කෙල මඟින් මේ රෝගය බෝ වෙන්නේ නැහැ. මූලික අවධියේ දී වෛරසය සිරුරට ඇතු ලු වී ප්‍රගුනණය වන කාලය Window period යනුවෙන් හඳුන්වනවා. මේ කාලයේ දී රෝග ලක්ෂණ අවමයි. පසුව වෛරසය මඟින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කල පසු වෙනත් ආසාදනවලට එරෙහි ව සටන් කිරීමේ හැකියාව අඩු වෙනවා. එවිට එම ආසාදන ඉක්මනින් පැතිරී දරුණු රෝග ලක්ෂණ ඇති කල හැකියි. මේ රෝගය සුව කල නොහැකියි.

දෙවියගේ මල්ලි සල්ලිලු ( poem )


දෙවියගේ මල්ලි සල්ලිලු



මචං කොහොමද සැප සනීප​......
යමුද නිවාඩුවකට​
රට වටේ කොහෙහරි...
උබ අපේ බොක්කනේ.......
එහෙම කතා ගොඩක් ඇහුනා
ඒ මීට ගොඩක් ඉස්සර​..
අතේ සල්ලි තිබුන කාලේ...
කෑවද​?,බිව්වද​?
අතේ සල්ලි තියෙනවද​?
මචං උබ හොදින් ද​
අද අහන්නෑ කවුරුවත්ම​
අද අතේ සල්ලි නෑ...
මොනව කරන්නද​
දෙවියගේ මල්ලි සල්ලිලු
කවුදෝ කිවුවා මතකයි
කාලෙකට ඉස්සර​..........

Friday, April 29, 2016

ආදරයද..... ආකර්ෂණයද​


ආදරයද..... ආකර්ණයද​



                  "ඔයා දැකපු දවසේම මට ඔයා ගැන ලොකු ආදරයක් ඇති උනා..... ඇත්තට ඔයා ගොඩක් ලස්සනයි සුදූ............"

                    ඇත්තටම දවසක ඔයාටත් එහෙම හිතිල තියෙනවද​?......     දැක්ක දවසෙම ආදරක් ඇති උනාද​?....... අනේ මන්ද .........................    
එහෙම දැක්ක ගමන් ඇති වෙන හැගීමට ආදරය කියල කියන්න පුලුවන්ද​? නෑ මමනම් හිතන්නේ නෑ ඒක ආදරය කියල​.ඒ හැගීමට අපි කියමු ආකර්ශණය කියල​......ලස්සන දැක්කම ඇතිවෙන හැගීම ආදරයක් නෙමේ.එතන තියෙන්නේ ආකර්ශණයක්, රාගයක්.මම හරි නේද​.

                         ආදරය කියන හැගීම එහෙම නිකම්ම ඇතිවෙන්නේ නෑ.ආදරය පූජනීය හැගීමක්.ඒක රූපෙටවත්,ලස්සනටවත් ඇතිවෙන්නේ නෑ.ආදරයට ජාති භේද​,ආගම් භේද​,කුල භේද නෑ........ ආදරයට දුප්පත් පෝසත් භේද​.ලිංග භේද නෑ.සීමා මායිම් නෑ...ඒත් එකක් මතක තියාගන්න යාලුවනේ..... ආදරේ කියන්නේ පිවිතුරු පූජනීය දෙයක් මිස වල් වැදුනු ආකර්ශණයක් නෙමේ.ආදරයයි ආකර්ශණයයි පටලවගෙන තුට්ටු දෙකේ රාගයකට ආදරය කියන නම දෙන්න එපා කවමදාකවත්.තේරුනා නේද ඔයාලට​......

Thursday, April 28, 2016

පුදුමයි නේද​ ( poem )


පුදුමයි නේද​?



සිත් අහස පුරාවට​
දේදුණු පාටින් සිත්තම් කොට​
කාටත් හොරෙන්.........
මම ඇදපු ආදරේ සිතුවම​
නුබ නැමති......
රළු පන්හිදෙන් 
කළු පාට කුරුටු බලි ඇඳ
අවුල් කර සිතුවමම​....
සැගව ගිය හැටි නුබ​
පුදුමයි නේද​.........
එක මොහොතක් වත්
නොදැක​,කතා නොකර​
සිතින්නට නොහැකි වූ නුබම්
නන්නාදුනන ලෙස​
හිදිනා හැටි
පුදුමයි නේද​.........
මමත් දැන් ඒ විදිහට​
පුරුදු වුනා හිතන්නට​
නුබ හැදිකල​
සිත් මළුව සරසන්නට​
කෙනෙක් ඇවිදින් 
මගේ ලගට​....
අෑත දුරක සිට​
ඒ කතාව ඇහුවම නුබට​
පුදුමයි නේද​..........

Wednesday, April 27, 2016

සැසදීම හෙවත් සිත රිදවාගැනීම​.......... (comparison)

සැසදීම හෙවත් සිත රිදවාගැනීම​..........


"බලන්නකෝ අරයගේ ලස්සන​......." 

                                                 "අර අයිය මාර ස්මාර්ට් අනේ....."

"මගේ එක වැඩක් නෑ අනේ.කිසි ගතියක් නෑ...."

                              "මම එයාට කැමති නෑ.එයා කළුයි..."

    මේ වගේ දාහක කතා අපිට නිතර දෙවේලේ ඇහෙනව නේද.උස​,මිටි,කළු,සුදු,ස්මාට්,කැත​,ලස්සන​,හැන්සම්,දක්‍ෂ,අදක්‍ෂ​,දුප්පත්,පෝසත් වගේ ගොඩක් මිනුම් දඩු අපි අපේ හිතෙන් හදාගෙන ජිවිතේ පටලවගන්නව​.නැත්නම් හිත රිදවගන්නව​.

                ඔයාල කොහොමද මේ මැනීම කරන්නේ........ ඔයාල ඒක කරන්නේ තවත් කෙනෙකු හෝ තවත් දෙයක් පදනම් කරගෙන ඒක මූලික කරගෙන තමන් ලග තියෙන​,තමන් ලග ඉන්න කෙනාවැඑ දේ එක්ක සංසඳනය කිරීම නේද​........අන්න ඔයාට පොඩ්ඩක් හිනා ගියා.. ඒ මම කියපු දේ පිළිගත්ත කියන එක නේද​......මම ඔයාට කියපු ඒ සැසදීමෙන් අන්තිමට අපේ හිතට එකතු වෙන්නේ දුකක්,පසුතැවීමක් විතරයි  නේද​.....

                   ඇයි අපි දැන දැනම දුකකට වැටෙන්නේ.ඇයි අපි අපි ලග තියෙන දේ ,අපි ලග ඉන්න කෙනා මූලික කරගෙන,ඒ කෙනා හෝ ඒ දේ ගැන අවතක්සේරුවෙන් හිතන්නේ නැතුව ඒ දේට හෝ ඒ කෙනාට නියම වටිනාකමක් දීල හිතන්නේ නැත්තේ.අපි ඒ විදිහට හිතන්න පටන්ගන්නවනම් කවදාවත් අපිට සිමාවක් නැති අවශ්‍යතාවයන් ඇතිවෙන්නේ නෑ.අපි ආදරේ කරන කෙනා වෙනුවට වෙන කෙනෙක් හොයන්න වෙන්නේ නෑ........ 

          මම කියන්නේ බොරුවක්ද කියල ඔයාලත් පොඩ්ඩක් හිතල බලන්නකො එහෙනම්......

Tuesday, April 26, 2016

වරද සහ දඩුවම​

වරද සහ දඩුවම​



              වැරැද්දක් කියන්නේ මොකද්ද​?................අපි ඒකට මෙන්න මේ විදිහේ සරලව අර්ථකතනයක් දෙමු.  

  "සමාජ සාරධර්ම හා ආගමික​(බෞද්ධ​,හින්දු,කතෝලික​,ස්ලාම් හා වෙනත්) නියමයන්ට පටහැනිව ක්‍රියාකිරීම හා රටක ආන් ඩුක්‍රම විවස්ථාවට හා දන්ඩනීති සංග්‍රහය උල්ලංගනය කිරීම වරදක් ලෙස හදුන්වමු....."      

                   මේක මගේ පෞද්ගලික මතයක්.මම බොහෝදුරට නිවරදියි කියල මම හිතනව​.මම කියන දේ ඇතුලේ වරදක් තියෙනවනම් ඒක නිවරදි කරන්න ඔයාලට අයිතියක් තියෙනව​.දැන් අපි බලමු දඩුවම කියන්නේ මොකක්ද කියල​...... අපි ඒක මේ විදිහට සරලව අර්ථකතනය කරමු.

           "සමාජ සාරධර්ම හා ආගමික​(බෞද්ධ​,හින්දු,කතෝලික​,ස්ලාම් හා වෙනත්) නියමයන්ට පටහැනිව ක්‍රියාකරන හා රටක ආන්ඩුක්‍රම විවස්ථාවට හා දන්ඩනීති සංග්‍රහය උල්ලංගන කරන්නන්ට සමාජ , ආගමික​,ආන්ඩුක්‍රම විවස්ථාණුකූලව හා රටේ පවතින නීතියට අදාලව ක්‍රියාමාර්ග ගැනීම දඩුවම ලෙස හැදින් විය හැක​."

                   දැන් අපි ටිකක් වෙනස් විදිහට බලමු මේ වරද සහ දඩුවම ගෙන​..........යම් පුද්ගල යෙක් වරදක් සිදු කලේනම් ඒ සදහා දඩුවම් ලැබිය යුතුයි............නමුත් අපි ටිකක් සාධාරණ විදියට හිතල බලල ඒ පුද්ගලය ඒ වරද සදහා පෙලබුනේ කුමන හේතුවක් මතද කියල ටිකක් හිතල බලල අනාගතයෙදි ඔහු හෝ වෙනත් පුද්ගලයෙක් ඒ වරදට පෙලබවීමට වැලැක්වීම වඩාත් ප්‍රායෝගිකයි කියල හිතෙන්නේ නෙද්ද​?.......

                                සුරාවට,සුදුවට,හොරකමට වගේ නොයකුත් අපරාධවලට යොමුවෙන පුද්ගලයෙක් ඒ අපරාධයට නිකම්ම යොමුවෙන්නේ නෑනේ.කවුරුත් උපතින්ම අපරාධකාරයෙක් වෙන්න බෑ නේද​?කුමක් හෝ සමාජ​,සංස්ක්‍රුතික සාධකක් මත තමයි කෙනෙක් අපරාධයකට යොමු වෙන්නේ.මම මේ හදන්නේ අපරාධ සාධාරණීයකරනය කරන්න හදනව කියල හිතන්න එපා.ඒ වුනාට අපරාධයකට දඩුවමක් දීමෙන් පමනක් ඒ අපරාධය වැලැක්වීමට හෝ නිවරදි කිරීම කල නොහැකිනේද​?.......... 

                    කෙනෙක් අපරාධයක යොමුවීමට හේතුව හොයල ඒකට නිසි පිලියම් යෙදීමෙන් සමාජය තුල අපරාධ සිදුවීම සෙඅලකිය යුතු මට්ටමකින් අඩු කරන්න පුලුවන්.....අනික් දේ තමයි යම් කෙනෙක් අපරාධයක් සිදුකිරිමෙන් පසු ඒ සදහා දඩුවම් ලැබීමෙන් පසුවත් සමාජ ඉදිරියේ ඒ පුද්ගලය අපහසුතාවයට පත්වීමට නොදි ඔහුව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සලකන්නට මිනිසුන් පුරුදු වෙනවනම් ඒ පුද්ගලය නැවතත් අපරාධයකට යොමු වීමත ඇති ඉඩකඩ 98% කින් පමණ අඩුකරගන්න අපට පුලුවන්......

                 ඉතින් යාලුවනේ අපි අද ඉදලවත් හෙමදාම ලෝකේ දිහා බලන විදිහට බලන්නේ නැතුව ටිකක් වෙනස් විදිහට බලන්න පුරුදු වෙමු........

Sunday, April 24, 2016

ආදරය සහ රාගය​ ( love & sex )

 ආදරය සහ රාගය​


         ආදරය​....... ආදරය කියන වචනය ඇහෙනකොට අපිට දැනෙන්නේ මහ පුදුමාකාර හැගීමක්...... ඒක සුන්දර වගේම නිර්මල දෙයක්.ඒ බැදීම ඇත්තමටම කියනවනම් ආත්මීය බැදීමක්......කෙනෙක් ගෙන අවංක ආදරයක් ඇතිවුනාම ඒ ගෙන වචනයෙන් ප්‍රකාශ​ කරන්නම ඕනි නෑ........ඒ හැගීම නිරායාසයෙන්ම අනික් කෙනාට දැනෙන්න පටන් ගන්නව​.......මේ විශ්ව ඉතියාසය පුරාවත ගැන බලන කොට ඒ වගේ නිර්මල ආදර වුර්ථාන්ත ගොඩාරියක් අපිට හොයාගන්න අපිට පුලුවනි.... ඒ අතරින් එක් විශේෂිත කතාවක් මම මතක් කරන්නම්.... ඒ සිදුහත් කුමරා සහ යශෝධරා දේවියගේ නිර්මල බැදීම​.ලේන කුලේ ඉදන් බුදු බව ලබාගන්නා ආත්මය දක්වා ඒ බැදීම සංසාරගතව ආව​.

                 වර්ථමානය වන විට ඒ නිර්මල ආදරය කියන හැගීම යටපත් කරගෙන රාගය කියන වචනය ඉස්මතු වෙන්න පටන් අරගෙන​........මම කියන්නේ නෑ ආදරය ඇතුලේ රාගය නෑ කියල​... ඒත් වර්ථමානයේ බහුතරයක් ආදරේ කියල හොයන්නේ රාගය​.තව කෙනෙකුගේ රාග උණුසුම​.යාලුවනේ අද වෙනකොට ආදරේ කියන වචනයට උහුලගන්න බැරි තරමට රාගය කියන වචනේ බර වැඩිවෙල​.අද අපිට ආදරය හොයන්න වෙල තියෙන්නේ රාගය ඇතුලේ.වර්ථමානයේ ජීවත් වෙන බහුතරයක් කෙනෙක්ව දැකපු ගමන්,කෙනෙක් එක්ක කතාකරපු ගමන් මුලිකව ඇතිකරගන්න සිහිනය ඒ කෙනත් එක්ක ලිංගිකව එක් වෙන එක​.......බහුතරක් හිතගෙන ඉන්නේ ඒ ආදරේ කියල​.ඒ අය ආදරේ කියල රාගයට රැවටිල​,රාගයෙන් මත් වෙල​......රාගයේ තියෙන තාවකලික තෘප්තියට වඩා ආදරය ඇතුලේ සදාතනික තෘප්තියක් තියෙනව​..... අන්න ඒක අපි හොදට තේරුම් ගන්න ඕනි.....

                   දැන් ඔයාල හිතයි මම කියන්න යන්නේ ආදරේ කියන්නේ රාගයෙන් තොර දෙයක් කියල​.නෑ මම එහෙම කියන්නෙ නෑ.......සදාතනික තෘප්තියක් තියෙන නිර්මල අාදරේ ඇතුලේ රාගය කියන දේ නොතිබුනා නම් මිනිස් සමාජ මේ තරම් දුරක් පවතින්න විදිහක් නෑ........රාගයෙන් සම්පූර්නයෙන්ම තොරවූ ආදරයක් තිබුනනම් මේක ලියන මමත්,මේක බලන ඔයත් අද නෑ නේද​?................

                 ඔයාල මේ ටික හොදට මතක තියාගන්නකෝ...... සදාතනික තෘප්තියක් තියෙන නිර්මල අාදරය ඇතුලේ තියෙන රාගයේදි යක්‍ෂාවේශ වුනා වගේ අනිකාව තලළ,පෙලළ රිදවල වේදනාකාරී එක්වීමක් නෙවෙයි තියෙන්නේ.......ඒ එක් වීමත් අර මුලින් කිවුව ආදරය වගේ ගොඩක් නිර්මල පිවිතුරු එක් වීමක්...........

Saturday, April 23, 2016

Sri Lanka - Top 20 Popular Songs This Week | 2016 (නව ගීත) - Hiru TV

උපුටා ගැනීම​:https://www.youtube.com/playlist?list=PLoumn5BIsUDcXxN3iy9c505aDnHzxQhbN

Sri Lanka - Top 20 Popular Songs This Week | 2016 (නව ගීත) - Hiru TV