Tuesday, May 31, 2016

හිතට දැනෙන ගී Emotional songs 09

මා ඉතින් යන්න යනවා


මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි //

ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි

මා ඉතින් යන්න යනවා...

සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා...

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

Monday, May 30, 2016

හිතට දැනෙන ගී Emotional songs 08

 ඔබට විතරයි මා පෙම් කලේ 

ඔබට විතරයි මා පෙම් කලේ ඔයා ලැබුනත් නැතත් ......// 
වෙනකෙක් පතන් නෑ  ඔබව හැරනම් හීනෙන් වත් 
තවකෙකුගේ වෙන් නෑ  රත්තරනේ කවදාවත් 
ඔබට විතරයි මා පෙම් කලේ  ඔයා ලැබුනත් නැතත් 

හිත ශෝකයෙන් දවනා 
වෙනසක් ඔබේ දුටුවා  
ආදරේ කලත් කොතෙක් මා  
ඔයා වෙනස් වෙලා.............  //  

ඔබට විතරයි මා පෙම් කලේ  ඔයා ලැබුනත් නැතත් 

මගේ තැන වෙනකෙක් ගෙනදෝ 
දැන් මා එපා වෙලාදෝ  
ඔබ නොලැබුනෝතින් 
මටනම් මටත් මාව නම් එපා   

ඔබට විතරයි...................

(ජූඩ් රොගන්ස්)

හිතට දැනෙන ගී Emotional songs 07


පෙර දිනයක මා පෙම් කල යුවතිය

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

පද රචනය -  පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව 
සංගීතය     -  සුනිල් සරත් පෙරේරා 
ගායනය     -  පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව

සැනසුම කොතනද poem

සැනසුම කොතනද

දකින දකින තැන​
නාටක විගඩම්
රාගයෙන්,ධනයෙන්
මත්වී ලෝ දනන්
යනෙන මග නොදැන උන්
මං මුලාවී අදුරින්
බලන බලන තැන​
නොවේ සැනසුමක්
නොදැන ලෝ දන 
මැදුම් පිලිවෙත්
උනුන් හා උන් කා කොටාගනිමින්
තවත් නොදැනිම​
ලන් ලන්ව නිරයට​

Sunday, May 29, 2016

හිතට දැනෙන ගී Emotional songs 06

හන්තානෙට පායන හඳ

හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න

ගේය පද – ධම්මික බණ්ඩාර
සංගීතය – විශාරද ඩෙනිස්ටර් පෙරේරා
ගායනය – අමරසිරි පීරිස්

නෙතූ........ (හත්වෙනි මතකය ) 07 STORY

"සත්සරයෝ...... උබ ජීවිතේ ගැන ආයිම තිරනයක් ගන්නවනම් දෙපාරක් නෙමේ සිය දහස් වාරයක් හිතපන්...එක පාරක් අමරුවෙන් ගොඩදාගත්ත ජිවිතේ ආයේ අවුල් කරගන්නවට මම කැමති නෑ...." 

චතුරයාගෙ ඒ කතාවෙන් මම ගැස්සිල ගියා වගෙ මට දැනුන​...... මම එහෙම්මම ඌ දිහාවට හැරිල අමරුවෙන් හිනා වෙන්න අසාර්ථක උත්සාහයක් ගත්ත​... ඒ ක තේරුන නිසාද කොහෙද චතුරය මගෙ ඔළුවට පාරක් ගැහුව හෙමිහිට​.

"මේ පාර බලාගෙන යමන් බන්.... මරන්නද හදන්නේ..."

"ආ ඇත්තද..... මාස හත අටකට කලින් මැරෙන්න දගලපු එකාට මොකද ජීවත් වෙන්න හිතුනේ ආ.... පිස්සා.."

චතුරය මගෙ දිහා බලල හිනාවෙන ගමන්ම කිවුවා.කාර් එක ගේට්තුවෙන් ඇතුල් කරන කොට තමෛ මම දැක්කේ අපි ගේ ලගටම ඇවිත් කියල​.....පරම්පරාගත පොහොසත් අය වුනාට වජිරා ආන්ටි ලගවත් අංකල් ලගවත් කවදාවත් ආඩම්බර කමක් තිබුනෙ නෑ.පිලිවෙලකට මල්,ගස් කොලන් වගා කරපු වන උද්‍යනයක් මැදට වෙන්න තිබුන පුංචි කදු ගැටයක හදල තිබුන දෙමහල් නිවස මට වයස අවුරුදු 12 ඉදල ආරක්‍ෂාව​,රැකවරනය දුන්න​......හදිසි අනතුරකින මගේ පවුලේ හැමෝම මේ ලෝකේ මාව තනිකරල ගියාට පස්සේ මගේ දුකට සැපට මගේ පවුල වුනේ වජිරා ආන්ටිගෙ පවුල​...... වජිරා ආන්ටියි අංකලුයි පහල තට්ටුව එයාලගේ අවශ්‍යතාවයන්ට ඉතුරු කරගෙන උඩ තට්ටුව චතුරයටයි මටයි දීල තිබුනා.

"යකෝ සත්සරයෝ..... අද කාර් එකේද බුදියන්නේ... බැහැපන් බන් හීන බලන්නේ නැතුව​..."

චතුරය එයෙම කියනකොටයි මම පියවි සිහියට ආවේ....... මම එහෙම්මම කාර් එකෙන් බැහැල චතුරයත් එක්ක කාමරේට ආවා.

"බඩගිනී සත්සරයෝ..... උබේ මගුල් වලට මුට්ත් අල්ලන්න ගිහින් අපි බඩ ගින්නේ..."

"අඩේ සොරි චතුරයෝ.. යමන් යමන්...කාල ඉමු...."

අපි දෙන්න පහලට එනකොට වජිරා ආන්ටි එහෙම කාල නිදාගන්න ගිහින්.බඩගින්න හොදටම කන්න ආසාවක් දැනුනේ නෑ.. මම ආයෙමත් මොකක් හරි අවුලක පැටලෙන්න හදනවදෝ කියල මට නිකමට හිතුන​.....

"ඒ පාර කෑම දියා බාලාගෙන කල්පනා කරනව​.... ඒ මදිවට තනියෙම හිනා වෙනව​.මොකක්ද බන් වෙල තියෙන්නේ....."

"මොකුත් නෑ චතුරයෝ.. මට තිකක් මහන්සි.. මටත් කෑම එකක් බෙදපන්කෝ....."

"ආ....ආ.. මගෙ එක කාපන්කෝ... මම කෑම එකක් බෙදාගන්නම්......... අර සුරංගනාවියට ආව තේව කරල දෙවියන්වහන්සේට මහන්සිත් ඇතිනේ..."

"අනේ චතුරයෝ.......විහිළු කරන්න එපා බන්..ඒ කෙල්ල පවු........මට ඒකි දැක්ක වේලාවේ ඉදල ලොකු අමුත්තක් දැනුන​....."

චතුරයා මගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉදල උගෙ අත මගෙ උරහිස උඩින් තිබ්බ​.....

"මචං සත්සරයෝ මමත් කැමති උබ හොද කෙල්ලෙක්ට ආදරේ කරනවට... ඒත් එකක් හොදට මතක තියාගනින්.. උබේ ජිවිතේ පත්තු උන ගින්දර නිමිල ගියේ මේ ලඟකදී... තාම ඒ රස්නිය මට දැනෙනව​....පරිස්සමින් වැඩ කරපන්.....උබ තනියෙම ඉන්නවනම් මමත් හැමදාම උබත් එක්ක තනියෙම ජීවත් වෙන්නම්.. දන්නවනේ මේ චතුරයාගේ කතා දෙකක් නෑ..."

එහෙම කියනකොට චතුරයාගේ ඇස් දෙක කදුළු වලින් පිරිල තියෙනව මම දැක්ක​​.......මම එහෙම්මම චතුරය මගෙ උරහිසට බරකරගත්ත​.............

Saturday, May 28, 2016

හිතට දැනෙන ගී Emotional songs 05

ගහක මල් පිපිලා

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්

සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේුමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්

පද රචනය -    යමුනා මාලනී පෙරේරා
සංගීතය     -   ගුණදාස කපුගේ
ගායනය     -     කරුනාරත්න දිවුල්ගනේ

හිතට දැනෙන ගී Emotional songs 04

කඩ මන්ඩියේ  දොල අයිනේ

කඩ මන්ඩියේ  දොල අයිනේ -නුඹව පෙනේ 
නැවතී බලනවා  මොහොතක් -කොහොම හරි 
කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි 
දාහක් දේ තිබේ කීමට -බැරිව වැසී 

ගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දා 
සුළගට සියුම් දාහක් -කන් නැති හින්දා 
කවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දා 
මුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දා 

සයුර මොටද දිය දෝතක් -බොන්න බැරි 
ඔරුව මොටද වතුරේ -පැද යන්න බැරි 
දෑස මොටද සිතු සේ -දැක ගන්න බැරි
 කුසුම මොටද -ලංවී රොන් .....................ගන්න බැරි          


නන්දා මාලණි

Friday, May 27, 2016

ඔයාල හැමෝටම ගොඩක් ස්තූති.....Thank you all so .....

ඔයාල හැමෝටම ගොඩක් ස්තූති.....




දින 27 ක් පුරාවට මා සමගින් රැදෙමින් ආගම්,ජාති,කුල නොසලකමින් දේශ සීමා නොසලකමින්මට ශක්තියක් වුනු ඔබ සියලු දෙනාටම මාගේ හර්දයාන්ගම ස්තූතිය​...........

Pageviews by Countries

Graph of most popular countries among blog viewers
EntryPageviews
Sri Lanka
711
United States
195
Netherlands
27
South Korea
9
Germany
4
United Arab Emirates
2
United Kingdom
2
India
2
Romania
2
France

1

Russia
1
Sweden
1

හිතට දැනෙන ගී Emotional songs 03

නුඹට හිතැති නුඹ හිත නැති 



නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා 
මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා 
හිතැති හිතක් හඬනවා 

ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා 
රෑ සිහිනෙන් පෙම් දිව සළු සිත දැවටෙනවා
ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා 
රෑ සිහිනෙන් පෙම් දිව සළු සිත දැවටෙනවා


නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා 

ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා 
එවන් ලොවට මල් පාවඩ නුඹත් එළනවා 
ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා 
එවන් ලොවට මල් පාවඩ නුඹත් එළනවා 


නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා 


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ

හිතට දැනෙන ගී Emotional songs 02

මේ තරම් සියුමැලි ද කළුගල්


මේ තරම් සියුමැලි ද කළුගල්....
සිතන්නටවත් බැරි නිසා....
මම ගියා අවුකන බුදුන්ටත්....
දෑස් දුන් මිනිසා සොයා....

කලාවැව ළඟ ඉලුක් හෙවණක....
මැටි පිලක පැදුරක් එලා....
රිදුම් පිරි මදිමින් බලයි ඔහු....
මැරෙන ඉපදෙන රල දිහා....

ඉසුරුමුණියේ නුඹ තැනූ....
පෙම්බරිය කොතැනද කියා....
මා ඇසු විට හිනැහුනා ඔහු....
තවම තනිකඩ යැයි කියා....

ගායනය - සුනිල් එදිරිසිංහ.
ගේය පද - රජී වසන්ත වෙල්ගම.
සංගීත නිර්මාණය - දර්ශන රුවන් දිසානායක.

හිතට දැනෙන ගී Emotional songs


එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා



එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....



දුක පිරුනු මගෙ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිනි දුක පැනිරසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....



අනාගත වාලුකා කතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අවපසෙක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

(සෝමතිලක ජයමහ)

අසම්මත නුබ​ poem

අසම්මත නුබ​

උනා සළු පට අහකට​
බිද දමා පතිවත​
අහිමි කරගෙන විශ්වාසය​
කිමද ලදුනේ නුබ​
සොයා ගියේ අසම්මත සතුට​
සැනසෙන්නට බැරිව පතිගෙන්
සොයා ගොස් අසම්මත වින්දනයක්
වෙලි රාගයේ උණුහුමින්
තවත් අයෙකුගේ දෑත් අතර​
වෙලී ගත කිටි කිටියේ
බැදී සිත පාපයෙන්
නොමැත සැනසුමක් නුබ හට​
ගැඅලවුන දවසක වෙස්මුහුන​
අහිමි කරගෙන ජීවිතයම​
ලබා ගැරහුම්නිමක් නොමැතිව​
කුමන සතුටක්ද ලැබුවේ නුබ​

බලන් ඉන්නව මම මගෙ හිතත් එක්ක​ poem

බලන් ඉන්නව මම මගෙ හිතත් එක්ක​

තත්පරෙන් තත්පරේ ගෙවිල​
දින සති වුනාට​
තවම මම​
නතර වුන තැනමයි එදා ඉදන්ම​
ඔයා එනකම්
ආයේ එන්නේ නෑ ඔයා කවදාවත්ම​
දන්නවා හොදටම​
ඒත් කොහොමද මම ඒ කතාව​
කියල දෙන්නේ මගේ හිතට​
ඔයා අන්සතු වුනා කියල 
දැනන් උන්නත් හොදටෝම​
බලන් ඉන්නව අදත් ඔයා එනකම්
ඉඩ දීල මගෙ හිතට

යනකොට අපි මොනවද අරගෙන යන්නේ?

         යනකොට අපි මොනවද අරගෙන යන්නේ?



          අපි මේ ලෝකය දකින කොට මොනවද අපි අරගෙන ආවේ.ජාති,ආගම්,කුල​,නිල​,බල මේ කිසිම දෙයක් අපි අරගෙන ආවේ නෑ නේද​? අපි මේ ලෝකේට ආවේ හිස් අතින් හැමෝටම ඇහෙන්න අඩාගෙන​.එහෙම අඩාගෙන ආව අපි දවසක හැමෝම අඩවගෙන මේ ලෝකෙන් යන්නෙත් හිස් අතින් නේද​?

               මේ ලෝකේ ජීවත් වෙන 95% ක් විතර ඒ දේ අමතක කරල ජීවත් වෙන්නේ හරියට සදාකාලිකව මේ ලෝකේ ඉන්න ආව වගේ.ඒ නිසා තමයි ජාති,ආගම්,කුල​,නිල​,බල බෙදාගන්න බැරුව කා කොටාගන්නේ.ඉඩකඩම්,දේපල බදාගන්න බැරුව ගහ මරාගන්නේ.එහෙම මේ දේවල් කරල මේ ලෝකෙන් යනකොට අපි මොනවද අරගෙන යන්නේ.කල හොද නරක විතරයි නේද අපි අරගෙන යන්නේ.මේ ලෝකෙ අඩවල යන්න ඉන්න අපි යනකොට සමාජයෙන් බැනුම් අහල යන්නද ඕනි.ඇයි අපිට මේ දේවල් ගැන ටිකක් සරලව නිදහසේ හිතල තේරුම් ගන්න බැරි....................

Thursday, May 26, 2016

දේදුණු සිහින poem

දේදුණු සිහින


දේදුණු පාටින් සිත්තම් කල​
සමනල සිහිනයක​
සක්මන් කරමි මම​
සිහිනයෙන් නොව​
පියවි ලෝකයක​
දරාගන්න බැරි තරමට​
ආවත් නිතර බාධක​
අදත් නොසැලී සිටිමි මම​
නොපෙනෙන දුරක සිටියත් නුබ​
දැනෙන නිසාවෙන් මට​
නුබේ සෙනෙහස​

හිතාගන්න බෑ poem

හිතාගන්න බෑ

අඬන්න හේතුවක් නෑ
ඒත් ඇස් වල කදුලු
හිතන්න කිසිම දෙයක් නෑ
ඒත් මම හැම වෙලාවෙම දුකින්
හිතේ කිසි සැකයක් නෑ
ඔයා හැමදාම මගෙ ලග​
කියන්න කිසිම දෙයක් නෑ
ඒත් හිත තිස්සෙම කියවනව​
අහන්න කවුරුවත් නෑ ලග​
කියන්න තේරෙන්නේ නෑ
දුකෙන්ද සතුටින්ද මම​

Tuesday, May 24, 2016

නෙතූ..... (love story)

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ (ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් ගීතය ගායනා කරනු ලබන්නේ රෝහණ වීරසිංහ මහතාය.)

මුතු කුඩ ඉහලන මල් වරුසවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ

මුතු කුඩ ඉහලන මල් වරුසවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

පුංචි බලාපොරොත්තුවක් දෙන්න​ poem

පුංචි බලාපොරොත්තුවක් දෙන්න​


ගොඩාරියක් දේවල් මට එපා
ජීවත් වෙන්න 
පුංචි බලාපොරොත්තුවක් දෙන්න​
කප්පරක් තරමට ආදරය එපා
බිංදුවක් තරම්වත් 
ආදරේ දෙන්න​
කෝටියක් තරම් දේවල් මට එපා
ඔයාගේ එක හිනාවක් මට දෙන්න​
ඒ මොන දේවල් නැතත් කමක් නෑ
ඔයාගේ ජීවිතේ මට දෙන්න
මම ඒක රැකගන්නම්

Sunday, May 22, 2016

හිත Poem

හිත 


බැදල මුල්ලකට දාල 
තිබුන හිතට​
චුට්ටක් ඉඩ දුන්නම හිතන්න කියල​
අනාගතේ ගොඩගන්න​
ආයෙමත් පටන්ගෙන​
පරණ විකාරම හිතන්න​
එහෙම බෑ ඉඩදෙන්න​
හිතට ඕන විදිහට හිතන්න​
ආයෙමත් දානව මුල්ලකට​
හිත බැදල සදහටම​

සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපත Prince Siddhartha was born and repairs

සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපත


සිදුහත් කුමරැ උපත ලැබුවේ මෞර්ට ළෙපතේ ආශෝක රජතුම‍ාගේ (ක්‍රි.පු. 273 -232) රාජ්‍ය කාලයට වසර 200 ක‍ට පමණ පෙරය.

සිදුහත් කුමරැ ලුම්බිණියේ උපල ලබා කපිල වස්තු නම් රාජ්‍යයේ ඇති දැඩි විය. කෝසල ප්‍රාන්තයේ පැරණි පෙළපත් වලින් එකක් වන ශාක්‍ය කුලයේ ප්‍රධානියකු වන සුද්ධෝන රජු එතුමාගේ පියා විය. ගෞතම යනු පෙළපත් නාමයයි. ශාක්‍ය සිරිතිට අනුව සිදුහත්කුමරැගේ මව වන මහාමයා දේවීය ගැබිණි වු පසු තම පියාගේ රාජධානිය වෙත යන අතුරතුරදී ලුම්බිණියේ පිහිටි උයනකදී සල් ගසක් යට සිදුහත් කුමරැ උපත ලැබීය. 


නේපාලයේ මයාදේවි විහාරය බුදු උපත ලැබු දිනය තේරවාද රටවල වෙසක් ලෙස ඉහලින් සැමරේ. සිදුහත් කුමරැගේ මව ඔහු උපත ලබා දින හතකින් මිය ගියාය.ලොවට යහපතක් සිදුකරන්නා යන අර්ථයෙන් මෙම ළදරැවාට සිද්ධාර්ථ (පාලි - සිධාන්ථ) යන නම තබන ලදී. ඉපදීම යනුවෙන් පවත්වන ලද උපත් සමයට සිය කකදුකර වාසයෙන් පැමිණි අචිත කෘෂි තාපසතුමා මෙම දරැවා සක්විති රජකෙනෙක් හෝ පුන්‍යවන්ත මනුෂ්‍යයෙක් වන බවට අනාවැකි පළ ‍කළේය. මෙය සිදුවුයේ සිද්ධාර්ථ කුමරැ අසිත තවුසාගේ හිස මත දෙපා තැබීම නිසා අසිත තවුසා විසින් ඔහුගේ ශරීර ලක්ෂණ පික්ෂා කිරීමෙන් අනතුරැවය. සුද්ධෝදන රජතුමා‍කුමරාගේ කුමරැගේ උපතින් පස්වනදිනයේදී නම් තැබීමේ උළෙල සදහා බ්‍රාහ්මණියින් 108 දෙනෙක් සදහා ආරාධනා කළේය. මේ සියළු දෙනාම කුමරැ බලවත් රජකෙනෙක් හෝ බුදු කෙනෙක් වන බවට අනාවැකි පල කර අතර මෙයින් කනිෂ්ඨම බ්‍රහ්මණ යා පසුව පළුවෙන්ම රහත් බවට පැමිනි කොන්ඩඤ්ඤ පමණක් සිද්ධාර්ථ කුමරැ අනිවාරයෙන්ම බුද්ධිතවය ලබාගන්න බවට සැකයක් රහිතව ප්‍රකාශ කේළය. පසුව ඇතිවු පුරාවෘතිත වලට අනුව සුද්දෝධන රජතුමා සුර්යා රාජ්‍ය වංශයේ එක්කෝම රජතුමාගේන් පැවතෙන පාරම්පරික රජෙකු ලෙස සැලකුවද‍බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ ඔහු ග්‍රෝතික රාජ්‍ය සංධානයක තෝරාපත්කර ගත් නායකයකු බවයි.

යෝජිත විවාහය​ ( Proposed marriage ) Poem

යෝජිත විවාහය

පොතේ අත්සන් කරල​
දෑගිලි බැදල​
නීතියෙන් ඔයා මගේ වුනාට
මගෙත් ඔයාගෙත් 
ශරීර දෙක විතරයි එක ලග​
ඔයාගෙ ආදරේ එක තැනක​
මගේ ආදරේ තව තැනක​
පවුල් දෙක සනසන්න​
අපි අපේ ආත්මයම බිලිදීල​
ශරීර දෙක විතරක්
හිත නැතුව පැටලිලා
හිනාවෙමු
ලෝකයට පේන්නට​
ඉතිං අපි හැමදාම​

නෙතූ.... කොටස් වශයෙන් පළවන නව කතාව​ story




මුළු නුවර අහසම අදුරුයි
අදත් අඬන්නට වාගෙමයි
ලග උන්න නුබ නැතිව​
ඉකිගසන මගෙ සිත වගෙයි
පටලවාගෙන ජීවිතය​
ඉබාගාතේ සිත දුවපු
අදුරු ගිම්හාන කාලය නිමාවී 
වසන්තය උදාවූවා පමණයි
නුබ ඇවිත්‍ ජීවිතයට
කිති කවා ආත්මයම​
තිබුන සතුටත් අරන්
ගියා යන්නට 
මටත් නොකියාම​
එන්නේ නැතිවද 
කවමදාවත් මගේ හිතට​
ඒත් මම 
ඉන්නවා මග බලන්
නුබ එනකම් මා සොයන්........

"මම හිනාවෙන්න හැදුව විතරයි නෙතූ.... සමාජෙන් බැට කාල​,ජිවිතය පටලවගෙන සන්තකේටම තිබුන හැමදේම නැති කරගෙන පිස්සෙක් වෙල ඉදපු මම ජීවිතය ආයෙම වතාවක් හදාගත්තේ අමාරුවෙන්....යන්තමින් හිනාවෙන්න හදනකොටම කොහේදෝ ඉදන් ඔයා මගෙ ජීවිතයට ඇවිත් ආයෙම මාව ඇඩෙවුවේ ඇයි නෙතූ......"|