Showing posts with label නෙතූ........ love story. Show all posts
Showing posts with label නෙතූ........ love story. Show all posts

Tuesday, October 18, 2022

සිත ලග

ආයෙමත් අපි ආදරෙන් හමුවෙන තෙළිතුඩක හැඩ අකුරු සමග එක්වෙමු

Sunday, May 29, 2016

නෙතූ........ (හත්වෙනි මතකය ) 07 STORY

"සත්සරයෝ...... උබ ජීවිතේ ගැන ආයිම තිරනයක් ගන්නවනම් දෙපාරක් නෙමේ සිය දහස් වාරයක් හිතපන්...එක පාරක් අමරුවෙන් ගොඩදාගත්ත ජිවිතේ ආයේ අවුල් කරගන්නවට මම කැමති නෑ...." 

චතුරයාගෙ ඒ කතාවෙන් මම ගැස්සිල ගියා වගෙ මට දැනුන​...... මම එහෙම්මම ඌ දිහාවට හැරිල අමරුවෙන් හිනා වෙන්න අසාර්ථක උත්සාහයක් ගත්ත​... ඒ ක තේරුන නිසාද කොහෙද චතුරය මගෙ ඔළුවට පාරක් ගැහුව හෙමිහිට​.

"මේ පාර බලාගෙන යමන් බන්.... මරන්නද හදන්නේ..."

"ආ ඇත්තද..... මාස හත අටකට කලින් මැරෙන්න දගලපු එකාට මොකද ජීවත් වෙන්න හිතුනේ ආ.... පිස්සා.."

චතුරය මගෙ දිහා බලල හිනාවෙන ගමන්ම කිවුවා.කාර් එක ගේට්තුවෙන් ඇතුල් කරන කොට තමෛ මම දැක්කේ අපි ගේ ලගටම ඇවිත් කියල​.....පරම්පරාගත පොහොසත් අය වුනාට වජිරා ආන්ටි ලගවත් අංකල් ලගවත් කවදාවත් ආඩම්බර කමක් තිබුනෙ නෑ.පිලිවෙලකට මල්,ගස් කොලන් වගා කරපු වන උද්‍යනයක් මැදට වෙන්න තිබුන පුංචි කදු ගැටයක හදල තිබුන දෙමහල් නිවස මට වයස අවුරුදු 12 ඉදල ආරක්‍ෂාව​,රැකවරනය දුන්න​......හදිසි අනතුරකින මගේ පවුලේ හැමෝම මේ ලෝකේ මාව තනිකරල ගියාට පස්සේ මගේ දුකට සැපට මගේ පවුල වුනේ වජිරා ආන්ටිගෙ පවුල​...... වජිරා ආන්ටියි අංකලුයි පහල තට්ටුව එයාලගේ අවශ්‍යතාවයන්ට ඉතුරු කරගෙන උඩ තට්ටුව චතුරයටයි මටයි දීල තිබුනා.

"යකෝ සත්සරයෝ..... අද කාර් එකේද බුදියන්නේ... බැහැපන් බන් හීන බලන්නේ නැතුව​..."

චතුරය එයෙම කියනකොටයි මම පියවි සිහියට ආවේ....... මම එහෙම්මම කාර් එකෙන් බැහැල චතුරයත් එක්ක කාමරේට ආවා.

"බඩගිනී සත්සරයෝ..... උබේ මගුල් වලට මුට්ත් අල්ලන්න ගිහින් අපි බඩ ගින්නේ..."

"අඩේ සොරි චතුරයෝ.. යමන් යමන්...කාල ඉමු...."

අපි දෙන්න පහලට එනකොට වජිරා ආන්ටි එහෙම කාල නිදාගන්න ගිහින්.බඩගින්න හොදටම කන්න ආසාවක් දැනුනේ නෑ.. මම ආයෙමත් මොකක් හරි අවුලක පැටලෙන්න හදනවදෝ කියල මට නිකමට හිතුන​.....

"ඒ පාර කෑම දියා බාලාගෙන කල්පනා කරනව​.... ඒ මදිවට තනියෙම හිනා වෙනව​.මොකක්ද බන් වෙල තියෙන්නේ....."

"මොකුත් නෑ චතුරයෝ.. මට තිකක් මහන්සි.. මටත් කෑම එකක් බෙදපන්කෝ....."

"ආ....ආ.. මගෙ එක කාපන්කෝ... මම කෑම එකක් බෙදාගන්නම්......... අර සුරංගනාවියට ආව තේව කරල දෙවියන්වහන්සේට මහන්සිත් ඇතිනේ..."

"අනේ චතුරයෝ.......විහිළු කරන්න එපා බන්..ඒ කෙල්ල පවු........මට ඒකි දැක්ක වේලාවේ ඉදල ලොකු අමුත්තක් දැනුන​....."

චතුරයා මගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉදල උගෙ අත මගෙ උරහිස උඩින් තිබ්බ​.....

"මචං සත්සරයෝ මමත් කැමති උබ හොද කෙල්ලෙක්ට ආදරේ කරනවට... ඒත් එකක් හොදට මතක තියාගනින්.. උබේ ජිවිතේ පත්තු උන ගින්දර නිමිල ගියේ මේ ලඟකදී... තාම ඒ රස්නිය මට දැනෙනව​....පරිස්සමින් වැඩ කරපන්.....උබ තනියෙම ඉන්නවනම් මමත් හැමදාම උබත් එක්ක තනියෙම ජීවත් වෙන්නම්.. දන්නවනේ මේ චතුරයාගේ කතා දෙකක් නෑ..."

එහෙම කියනකොට චතුරයාගේ ඇස් දෙක කදුළු වලින් පිරිල තියෙනව මම දැක්ක​​.......මම එහෙම්මම චතුරය මගෙ උරහිසට බරකරගත්ත​.............

Tuesday, May 24, 2016

නෙතූ..... (love story)

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ (ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් ගීතය ගායනා කරනු ලබන්නේ රෝහණ වීරසිංහ මහතාය.)

මුතු කුඩ ඉහලන මල් වරුසවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ

මුතු කුඩ ඉහලන මල් වරුසවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

Sunday, May 22, 2016

නෙතූ.... කොටස් වශයෙන් පළවන නව කතාව​ story




මුළු නුවර අහසම අදුරුයි
අදත් අඬන්නට වාගෙමයි
ලග උන්න නුබ නැතිව​
ඉකිගසන මගෙ සිත වගෙයි
පටලවාගෙන ජීවිතය​
ඉබාගාතේ සිත දුවපු
අදුරු ගිම්හාන කාලය නිමාවී 
වසන්තය උදාවූවා පමණයි
නුබ ඇවිත්‍ ජීවිතයට
කිති කවා ආත්මයම​
තිබුන සතුටත් අරන්
ගියා යන්නට 
මටත් නොකියාම​
එන්නේ නැතිවද 
කවමදාවත් මගේ හිතට​
ඒත් මම 
ඉන්නවා මග බලන්
නුබ එනකම් මා සොයන්........

"මම හිනාවෙන්න හැදුව විතරයි නෙතූ.... සමාජෙන් බැට කාල​,ජිවිතය පටලවගෙන සන්තකේටම තිබුන හැමදේම නැති කරගෙන පිස්සෙක් වෙල ඉදපු මම ජීවිතය ආයෙම වතාවක් හදාගත්තේ අමාරුවෙන්....යන්තමින් හිනාවෙන්න හදනකොටම කොහේදෝ ඉදන් ඔයා මගෙ ජීවිතයට ඇවිත් ආයෙම මාව ඇඩෙවුවේ ඇයි නෙතූ......"|

Friday, May 20, 2016

නෙතූ........ (හයවන​ මතකය ) 06 STORY

විනාඩි දෙක තුනක නිහඩියාවක් අපි අතර  තියෙන්න ඇති.ඔයා මගේ දියා බලල හෙමිහිට හිනා වුනා..ජීවිතේ සිද්ධ වෙන්නේ මහ පුදුමාකාර දේවල්..වජිරා ආන්ටිට හොරෙන් ටවුන් එකට ඇවිත් චූටියට වගේ බියර් එකක් බීල කොත්තුවක් කාල යන්න කියල ආව මම අද නන්නාදුනන ඔයාත් එක්ක ගටබේ බෝධිය ගාව​.... අනන්තවත් සමාජයෙන් බැට කාල මැරෙණකම් කාටවත් උදවු කරන්නේ නෑ කියල හිතාගෙන මගේ පඩුවේ ජීවත් උන මම අද ඔයාගේ ලග ඒ හැම දේම අමතක කරල උද්වු කරන්න බලාගෙන ඉන්නව​..චතුරය ඒ කියන්නේ වජිරා ආන්ටිගේ පුතා මගේ ජීවිතේ දුකට සැපට​.. හොදට නරකට හැමදේකටම ඉන්න මගේ යාලුව සති දෙකක සිංගප්පූරුවේ ටුවර් එකක් ගිය එකෙන් මම මේ ලෝකේ තට්ට තනි වුනා වගේ දැනුනා.ලේ බැදීමකට වඩා ඒ ගෙදරින් මට ගොඩක් දේවල් ලැබුනා.


"මොනවද අයියේ කල්පනා කරන්නේ... මාව වදයක් වුනා නේද​?"


ඔයා එහෙම අහනකොටයි මම පියවි සිහියට ආවේ.


"පිස්සුද නෙතූ... මම මේ වෙන කල්පනාවක හිටියේ.."


"ආ.... ආ... ගර්ල් ගැන නේද කල්පනා කලේ......"


"අනේ නෑ නෙතූ... මත එහෙම කෙනෙක් නෑ.. ඉස්සරනම් හිටීය​.. ඒත් දැන් නෑ.......මට එහෙම නීති වලින් බැදිල හිර කාරයෙක් වගේ ජීවත් වෙන්න බෑ.."


මම එහෙම කියන කොට ඔයා මගෙ දියා හිටීයේ මොන හැගීමකිඳ කියල මට හිතා ගන්න බැරි වුනා..හිතා ගන්න වෙලාවක් තිබුනෙත් නෑ... වජිරා ආන්ටීලාගේ කාර් එක මගෙ කකුල් දෙක ලගම නැවැත්තුව​........


"මොකද පුතේ කලබලේ..." 


ආන්ටි එහෙම අහනකොටම වාහනේ ඉස්සරහ දොර ඇරුන​.. මම දැක්ක දෙයින් මට ඇති වුන සතුට දරාගන්න බැරි තරම්..


"අඩෝ..... අඩෝ..... කොහෙන්ද කෙල්ලෙක් උස්සන් ආවේ ආ.......උඹ මම රටින් යනකම් ඉදල කෙල්ලෙකුත් සෙට් කරගෙන දෙන් ඒකිව ගෙදර ගෙනියන්න අපිට කතා කරන​...."



"පිස්සුද බන්.. මේ නංගිට පොදි කරදරයක්..... උබ ආපු එකත් හොදයි.. මම මාර පාලුවෙන් හිටියේ..."



එහෙම කිනකොටම මටවත් නොදැනිම  මගෙ ඇස් දෙක කදුලු වලින් තෙත් වුනා.. චතුරය මහ පාර මැදම මාව බදාගත්ත​.....



"මගෙ අම්මට පස්සේ මගෙ ජීවිතේ වටිනම කෙන උබ සත්සරයෝ...."


"යකෝ අංකල්ට ඇහුනොත් දුක හිතෙයි බන්..."


"ඔන්න ඉතින් උබ තාම පරන විදිහටමනේ හිතන්නේ... අම්මයි තාත්තයි දෙන්න සමුහ වියාපාරක්නේ බන්..අම්ම තම අයිති කාරය​.."


"මේ ළමයි... දැන් මෙතෙන්ට ආවේ දෙන්නගේ ආදරේ ලෝකෙට පෙන්නන්නද ආ... මේ දරුවට උදවු කරන්නේ කවුද​...."



වජිරා ආන්ටි එහෙම කියනකොට තමයි මට මතක් වුනේ නෙතූ ගෙන​.... මම ඉක්මනින්ම චතුරයාට කතාකලා....



"මචං චතුරයෝ.. මේ නංගිවයි එයාගෙ අම්මවයි එයාලගෙ ගෙදරට ඇරෙඅලවන්න ඕනි බන්"



"හරි ඉතින් මම බාඑ කිවුවේ නේනෑ.. කොහෙටද යන්න ඕනි..."


"වලපනේට බන්..උබට කරදරයක් නැත්නම් පොඩ්ඩකට ගිහින් එමුද..."


"මේ සත්සරයෝ.. උබ මගෙන් කුණුහරප අහගන්න එපා.... මම කවදද යකෝ හොද හරි නරක හරි උබ කියපු දෙයක් බෑ කිව්වේ.."


"සොරි චතුරයෝ මම දන්නව බන් ඒක​.. අපි යමුද​...?"



මම එහෙම කියනකොට  චතුරය ගොඩක් ලෙන්ගතු විදියට  හිනා වෙල මගෙ පිටට තට්තුවක් දාල කාර් එකට නැග්ග​... මමත ඌ එක්කම කාර් එක ඉස්සරහින් නැග්ගා..... ඒ වෙනකොට නෙතූ එයාගෙ අම්මවත් අපි හිටපු තැනත එක්කරගෙන ඇවිත් තිබුන..  වජිරා ආන්ටී එයාල දෙන්නව ගොඩක් සුහද විදිහට පිලි අරගෙන කාර් එකට නග්ගගෙන නෙතූව එහාගෙ ලගින් වාඩිකරගෙන මග දිගට විස්තර විස්තර අහනම මම දැක්ක​චතුරයයි මමයි ආගිය තොරතුරු කතාකර කර දන්නෙම නැතුව  අධිකාරිගමත් පහු කරල හෙමිහිට වලපනේ ට්වුන් එකට ලන් වුනා.අපි අතරේ තිබුන නිහඩියාව බිදිමින් චතුරය කතාව පටන් ගත්ත​..


"නංගි කොහොමද අපේ මේ තාපසය අදුනන්නේ..."


ඔයා යාන්තමින් හිනා වෙනව මම වාහනේ සයිඩ් කන්නාඩියෙන් දැක්ක​.


"අද තමයි දැක්කෙත් චතුරයියේ... මට කරන්න ඕනි මොකක්ද කියල හිතාගන්න බැරුව ඉදපු වෙලාවේ මේ අයියව හම්බවුනේ...."



"මාරයි ආ... මේ මිනිහ පාරේ වෙටිල ඉන්න සතෙකුටවත් උදවු කරන එකෙක් නෙමේ නංගි..... ඒ තරමට සමාජයෙන් බැටකාල කල කිරිල ඉන්නේ මේකා​... ඇති ඔයාටවත් උදවු කරන්න හිතුන​....... කතාවෙන් කතාවෙන් මටා අහන්න බැරි වුනානේ... තව දුරද ...."


"තව ටිකයි චතුරයියේ.... ඔය ඉස්සරහ ගඳියෙන් වමට හරවන්න​... එතන තුන්වෙනි ගෙදර​..."


තවත් මිනිත්තු දෙක තුනකින් අපි නෙතූ ලගේ ගෙදරට ආව​.මහ ලොකු මාලිගාවක් නොවුනට ලස්සනට පිලිවෙලට තනි තට්ටුවට හදපු ගෙදරක්.මුළු මිදුල පුරාම එක එක ජාතියේ මල් වගා කරල අලංකාර කරල තිබුන​...
නෙතූ එයාගේ අම්මත් එක්ක කාර් එකෙන් බැස්ස​..ඒ එක්කම ගේ ඇතුලේ ඉදගෙන එලියට දුවගෙන ආව ගැහැණු කනෙක් නෙතූගේ අමව වත්තම් කරගෙන ගෙට එක්කරගෙන ගියා.නෙතූ අපි තුන්දෙනා දිහා අහිංසක විදිහට බලල හිනා වුනා...


"අයියලා තේ ටිකක් බීලම යමු..."



"අනේ බෑ නෙතූ.. දැන් ගොඩක් රෑ වෙලානේ.චතුරයට මහන්සිත් ඇති...."



"අනේ ඔව් දුව​.....අපි පස්සෙ වෙලාවක එන්නම්කෝ.හොදද​...... ඔයාගේ නම්බර් එක ලියල දෙන්නකෝ..අපිට විස්තර දැනගනවත්......"



වජිරා ආන්ටි එහෙම කිවුවම ඔයා ගේ ඇතුලට ගිහින් පුංචි කොල කෑල්ලක ඔයාගේ  නම්බර් එක ලියල මගෙ අතට ගෙනල්ල දුන්න​.... ඒක දැකපු චතුරය ඇහෙක් ගහල මගෙ දියා බලල හිනා වුනා. නෙතූලගේ ගෙදරින් එන්න පිටත් වුනත් මගෙ හිත තාම එතන නතර වෙලා වහේ මට දැනුනේ....... මගේ ඒ වෙනස චතුරයාට වගේම වජිරා ආන්ටිටත් දැනිල කියල මට යන්තනට තේරුනා.... නුවර වැව රවුම පහුකරගෙන KKC  එක පිටි පස්සෙන් අළුත් පාරට කාර් එක දාන ගමන් මගෙ දිහා බලල කට කොනකින් හිනාවුන චතුරය කතාව පටන්ගත්ත​.


"සත්සරයෝ...."


"කියපන් බන්... මොකෝ... අවුලක්ද​?.."


"හම්ම්ම්.."


"මොකක්ද චතුරයෝ බස්සෙක් වගේ නැතුව උත්තර දීපන්කෝ"


"නෑ බන් දෙයක් කියන්න උබ අවුල් ගන්නවද මාත් එක්ක​"


"මේ චතුරයෝ... උබ හොදටම දන්නව පිස්සෙක් වෙල ඉදපු මම ජිවත් කලේ උබේ යාලුකම​.. මම උබත් එක්ක අවුල් ගනී කියල කොහොමද හිතුවේ අා..."


"හ්ම් හම්...හරි  එහෙනම් මේ අහපන්කෝ....."


"හරි හරි... මම අහගෙන ඉන්නම් ස්වාමීනී..."


"සත්සරයෝ...... උබ ජීවිතේ ගැන ආයිම තිරනයක් ගන්නවනම් දෙපාරක් නෙමේ සිය දහස් වාරයක් හිතපන්...එක පාරක් අමරුවෙන් ගොඩදාගත්ත ජිවිතේ ආයේ අවුල් කරගන්නවට මම කැමති නෑ...."

Tuesday, May 17, 2016

නෙතූ........ (පස්වන​ මතකය ) 05 STORY


ඔයා එහෙම කියනකොට ඇත්තටම මට ගොඩක් දුක හිතුන​..මේ ලොකේ තවත් කොච්චර නම් අසරණ වුන අය ඇතිද කියල මට හිතුන​...


"ඇයි එහෙම කියන්නේ....." මම එහෙම ඇහුව​....


"නෑ අයියේ අපේ තාත්තත් හැම වෙලාවෙම ඔහොමයි.මොනා හරි දෙයක් තේරුම් කරල දෙනකොට කතා කරන්නේ දරුවෝ කියල​....."


එහෙම කියල ඔයා ආයෙම අඩන්න පටන් ගත්ත​...වටේ මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නව මම දැක්ක​.....මත කරකියාගන්න දෙයක් නැති වුනා.. කවුරු හරි දන්න කියන කෙනෙක් මේක දැකල ගමේ කියන්න පටන් ගත්තොත් ඉදල ඉවරයි.


"ඔන්න ආයෙම අඩන්න පටන් ගත්ත​.. මිනිස්සුත් බලාගෙන ඉන්නව​...ප්ලීස් අඩන්න එපා.. නාඩ කියන්නකෝ මොකක්ද කරන්න කරන්න ඕනි කියල​...."


"දැන් හුගක් රෑ වේගෙන එනව අයියේ....අම්මටයි මටයි කාත් කවුරුත් නැති මේ ටවුන් එකේ කොහෙ කියල යන්නද​?... මත තේරෙන්නේ නෑ අයියේ..."


මමත් කරන්න ඕනි මොකක්ද කියල කල්පනාකලා.කරන්න ඕනි හොදම දේ මට හිතාගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.


"හරි මට විනාඩි 5 ක් දෙන්නකෝ..."


මම එහෙම කිව්වාම ඔයා හරි අහිංසක විදිහට මගේ දිහා බලල හිනා වුනා...මම ඉක්මනින්ම මගේ දුරකතන අතට අරගෙන ගෙදරට කෝල් එකක් ගත්ත​.... එහා පැත්තෙන් ඇමතුමට සම්බන්ධ වෙන්න ටික වෙලාවක් ගියා..


"හෙලෝ...... වජිරා ආන්ටි... මම සත්සර​.... පොඩි හදිස්සියක්... අංකල් ගෙදර ඉන්නව නේද​....අංකල් එක්ක  කාර් එකේ එන්නකෝ ගැටබේ බෝධිය ලගට​.. මම ආවම විස්තරේ කියන්නම්..ප්ලීස්.. ඉක්මනින් හොදේ..."


මම ඇමතුම ඉවර කරල ඔයා දියා බැලුව​.. ඔයා පුදුමෙ වගෙ මගේ දියා බලාගෙන ඉන්නව මම දැක්ක​...


"මොකෝ මගෙ දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ..."


" නෑ අයියේ... ඔයා හරි පුදුම කෙනෙක්...මම කවුද කියලවත් දන්නේ නැතුව ඔයා මත උදව් කරනව​.. කටද අයියේ ඒ කතා කලේ...."



"හම්....... ඒ මම නතර වෙල ඉන්න ගෙදර ආන්ටි.. මම පොඩි කාලේ ඉදලම ඉන්නේ ඒ ගෙදර​...."


"එතකොට අයියගේ අම්ම තාත්ත​..."


"ඔයාටනම් නැත්තේ තාත්ත විතරයි.. ඒත් මට අම්මයි තාත්තයි දෙන්නම නෑ...මම ඉන්නේ යාළුවෙකුගේ ගෙදර​..."


මම එයෙම කියනකොට ඔයාගෙ ඇස් දෙකෙන් කදුලු කැට දෙකක් බිමට වැටුන​.


"මමනේ අඩන්න ඕනි.. ඔන්න ඉතින් ඔයා ආයෙම අඩන්න පටන්ගත්ත​.. අපි යමු ගැටබේ පන්සල ලගට​.. දෙන් වජිරා ආන්ටි එනව ඇති..."



මම එහෙම කියල බිල ගෙවල පුටුවෙන් නැගිට්ත​.. ඔයත් හෙමීට මගෙ පස්සෙන් වැටුන​.අපි දෙන්න හෙමීට රෝහල් පාර දියේ ගැටබේ පන්සල ලගට ආව​.... මුළු පන්සලේම ලස්සනට එක පෙලට පොල්තෙල් පහන් දල්වල​..පුදුම පිංබර කමක් දකින හැම වාරේකම මම ගැටබේ පන්සලේ දැක්ක​.අදත් ඒ වගේමයි.දල්වපු පොල්තෙල් පහන් වලින් එන සුවද එක්ක එකට මුසුවුන සුවද කූරුවල පුදුමාකාර පිංබර හැගීමක් මගෙ ජීවිතේට එක්කලා.... ඒ පිංබර හැගීමට දැහැන්ගත වුන ඔයා ගැටබේ බෝධියට දිහා බලාගෙන ඉදල ලොකු හුස්මක් පිටකරන ගමන් ගොඩක් සැහැල්ලුවෙන් මගෙ දිහා බලල හිනා වුනා.. හොඩ වෙලාවක් මම මගේ හිතේ හිරකරගෙන ඉදපු ප්‍රශ්ණයක් ඒ වෙලාවේ ඔයාගෙන් ඇහුව​..



"ඔයාගෙ නම මොකක්ද​...."



"හම්....... මගෙ නම නෙතූ....... අයියේ...."


Monday, May 16, 2016

නෙතූ........ (සිව්වන​ මතකය ) 04 STORY




"ඔන්න ඉතිං.... ප්ලීස් අඩන්න එපා.. බලගෙන ඉන්න මිනිස්සු හිතයි මෙතන වෙන ප්‍රශ්ණයක් කියල​.... හම්.. මේකෙන් ගන්න කෝල් එකක්..."

මම එහෙම කියන ගමන් ඔයාට මගෙ දුරකතනය දුන්න​... ඔයාගෙ බැල්මේ තිබුනේ ගොඩක් අහිංසක ස්තූතිකිරීමක්.. ඔගෙ පුංචි ඇගිලි තුඩුවලින් ඉක්මනින් ඉක්මනින් දුරකථන ඇමතුම අරගෙන සම්බන්ද වෙනකම් හිටිය​.ඒ වෙලාවෙ තමයි මම දැක්කේ ඔයා වැහි සීතලට වෙව්ලනව​...ඔයා ඇමතුම අරගෙන ඉවරවෙල මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදල එක සැරේටම බිම බලාගෙන අඩන්න පටන් ගත්ත​.....


"ඇයි දරුවෝ මේ අඩන්නේ..."


මම ගොඩක් ලෙන්ගතු විදිහට ඔයාගෙන් ඇහුව​. ඔයා හෙමිහිට ඇස් දෙක උස්සල මගෙ දිහා බැලුව​.


"අයියේ...... ගෙදර කවුරුත් නෑ වගෙ.....ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නෑනේ....."


ඔයා ඇඩුම් බරව කතා කරපු විදියට මගෙ මුළු ආත්මෙම පිච්චිල යනව වගේ දැනුන​..කරන්න ඕනි මොකක්ද​,කියන්න ඕනි මොනවද කියල මත හිතාගන්න ටික වෙලාවක් ගියා..


"දැන් ඉන්නේ ඔයයි අම්මයි විතරයි කිවුව නේද​.. එතකොට කවුද ගෙදර ඉන්නේ...." 

මම හෙමිහිට ඔයාගෙන් ඇහුව​.. ඒත් එක්කම මුළු පලාතම දෙදරවමින් කකුණක් පුපුරා ගියා..ඔයා බය වුන පුංචි හා පැටියෙක් වගෙ හැංගෙන්න තැනක් ඇස් දෙකෙන් හොයනකොට තමයි මට මතක් උනේ අපි දෙන්න තවම මහෙ වැස්සේ පාරට වෙල ඉන්නව කියල​.....


"අපි යමු හොස්පිටල් එකේ කැන්ටින් එකට​,, එතනට ගිහින් කතා කරමු..."


ඕනි තරම් හොද පුංචි පුංචි හෝටල් ඕනි තරම් පාර දිගට තිබුනත් මට ඔයව එහෙම අනාරක්‍ෂිත කරන්න ඕනි කමක් කොහෙත්ම තිබුනේ නෑ.. මම හෙමිහිට රෝහල් ආපන ශාලාව පැත්තට ඇදුන​.. තාත්ත පිටිපස්සේ ඇදෙන පුංචි එකෙක් වගේ ඔයා මගෙ පස්සෙන් ඇදුන​.. මේ වෙන්නේ මොකක්ද කියල මටවත් හිතාගන්න බැරි තත්වෙක මම හිටියේ.ජීවිතේ මුහුණ දුන්න සමහර හැල හැප්පීම් නිසා අහබෙන්වත් තෙත් නොවුන මගෙ හිත මේ තරමට ඔයා ලගදි තෙත්වුනේ කොහොමද කියල හිත හිතම මම ආපන ශාලාවට ඇතුලු වෙල කොනේම තිබුන පුටුවකට බර වුනා... සීතලේ ගැහි ගැහි ඔයා මගේ දියා බලාගෙන කතාව පටන්ගන තැනක් හොයමින් හිටිය​.


"මල්ලි.. අපිට කෝපි දෙකක් ගේන්න​........" 


මම වේටර්කෙනෙකුට කියන ගමන් ඔයාගෙ පත්තට හැරුන​...


"ඉතිං කියන්නකෝ..." මමම කතාව පටන් ගත්ත​


"අපේ අම්මගෙ හොදම යාලුවෙක් අපෙ තනියට ගෙදර ඉන්නව අයියේ.... ඒ ඇන්ටි හරිම හොදයි.. එයා බැදලත් නෑ.. දැන් අවුරුදු ගානක් අපිත් එක්ක ඉන්නේ..එය අද යන්න ඇති ගේවල් ලග පන්සට​... මේ දවස් ටිකේම එයා බෝධි පූජා තියෙනව​...."


කොහොම වුනත් ඔයා කතාවට දක්‍ෂයි කියන එකනම් මම මේ ටික වෙලාවට හොදටම තේරුම් ගත්ත​.....


"හරි දරුවෝ.... දැන් මගෙන් මොකක්ද කෙරෙන්න ඕනි කියල කියන්නකෝ..."


මම ඔයාගෙන් එහෙම අහනකොට ඔයාගෙ පුංචි ඇස්දෙකට ආයිමත් කදුලු කැට දෙකක් එනව මම දැක්ක​....


" ඔයත් අපේ තාත්ත වගේ අයියේ..."

Saturday, May 14, 2016

නෙතූ........ (තෙවන​ මතකය ) 03 STORY


   
   හිතට ඇති උන ලැජ්ජාව හංගගෙන බොරු අමනාපයක් මවාගෙන මම ඔයා දිහා බැලුව​.ඔයා ගොඩක් අහිංසක විදිහට බිම බලාගන්නකොට තමයි මට හිතුනේ මගෙ බැල්ලම නපුරු උනා වැඩි කියල​.


"හම්.. ඔන්න කුඩේ ඉහලගත්ත​........" 


    මම කුඩේ ඉහලගන්න ගමන් කතාව පටන් ගත්ත​.මුණගැහුණු පලවෙනි වතාව වුනාට ගොඩක් හුරු පුරුදු කමක් අපි අතරේ තිබුන කියල මට හිතුන​.

"මොකකද මගෙන් වෙන්න ඕනි....." 


මම ඇහුව​.ඔයා හෙමිහිට මගෙ දිහා බලල හිනාවුනා.


"අයියේ පුලුවන්නම් අපේ ගෙදරට කෝල් එකක් අරන් දෙනවද​..? අපෙ අම්ම පේරාදෙණිය හොස්පිටල් එකේ නතර කරල හිටියේ.අද ටිකට් කැපුව​.ගෙදර යන්න විදියක් නෑ.. කරන්න ඕනි මොනවද කියල මට හිතාගන්න බෑ...."


ඔයා ගිරවෙක් වගේ කියවගෙන ගියා.මමත් වෙස්සෙම ඔයාස් දියා බලාගෙන හිටිය​.


"ඕයි මැරෙන්නද හදන්නේ.... චීත්තයක් දැක්කම මෙලෝ සිහියක් නෑ.ඉන්න තැනක් මතක නෑ නේද​.."



      පාරේ යන ත්‍රිවිලර් එකක මනුස්සයෙක් බැනගෙන යනකොටයි මට මතකයට ආවේ මම ඉන්නේ මහ පාර මැද කියල​.මම ඉක්මනින්ම පාරේ අයිනකට වුනා.ඔයා අතින් කට වහගෙන හිනා වුනා.මම ඔයා දියා රවල බැලුව​.


"සොරි....... තරහ නැතුව කෝල් එකක්..."


"ඇයි තනියෙම ආවේ..... අනික මේ හවස් වෙල ,අනික වෙස්සේ,ගෙදර අයටා මොලයක් නැද්ද මේ වගෙ කාලෙක ගෑණු ලමයෙක් තනියෙම එවන්න​....."


මම එහෙම කියන ගමන් ඔයාට මගේ දුරකතනය දුන්න​.එතකොටයි මම දැක්කේ ඔයාගෙ ඇස් වල කදුළු එළියට පනින්න දගලනව​.


"මේ ලෝකේ මට කියල ඉන්නේ මගෙ අම්ම විතරයි අයියේ.අපි ඉන්නේ මේ ලගක නෙමෙයි...වලපනේ... ට්වුන් එකෙනුත් ගොඩක් ඇතුලට යන්න ඕනි.ප්ලීස් අයියේ..... මම දැක්ක වෙලාවෙම තේරුම් ගත්ත ඔයා හොද කෙනෙක් කියල​.... ප්ලීස් මට උදවු කරන්නකො......."


ඔයා ඇස් දෙකේ කදුළු පුරෝගෙන එක දිගට කියාගෙන ගියා..........

Friday, May 13, 2016

නෙතූ........ (දෙවන මතකය ) 02 STORY



"අනේ අයියේ.... මට කෝල් එකක් ගන්න පුලුවන් වෙයිද​......? "


      ඔයා එහෙම අහනකොට මට දෙන්න ඕනි උත්තරය මොකක්ද කියල හිතාගන්න බැරි උනා.මනුස්ස කම තියෙන ඕනිම කෙනෙක් එහෙම දෙයක් ඇහුවම දෙන උත්තරය තමයි....


"ඇයි කරදරයක්ද​?..... මෙන්න ෆෝන් එක​..ආ ගන්න​...."

             
         ඒත් ඔයාගෙ ඇස් ඉස්සරහ  මගෙත් හිතට ඒ සිතුවිලි ටික සිතට ආවත් ඒ සිතුවිලි වචන කරගන්න මට බැරි උනා.බස් නැවතුමේ හිටියේ ඔයයි මමයි විතරමයි.අනෝරාව එන්න එන්නම වැඩි උනා.අහපු ප්‍රශ්ණයට උත්තරයක් මගෙන් නොලබෙනකොට මගෙ නපුරුකම ඉස්සරහ අසරණ වුනු ඔයාගෙ ඇස් දෙක ඇතුලේ ගුලි ගැහුන පුංචි කදුළු කැට දෙකක් හෙමිහිට බිමට වැටෙනව මම ඒ වෙලේවේ දැක්ක​.මගේ මුළු ආත්මෙම පිච්චිල යනව වගේ මට දෙනුනත් ඒ වැරැද්ද නිවරදි කරගන්නවත් වෙලාවක්,අවස්ථාවක් ඔයා මට දුන්නේ නෑ.... 


"සොරි.... කරදරයක් උනානම් සමාවෙන්න​...."


       එහෙම කියපු ඔයා බස් නැවතුමෙන් එළියට බැස්ස​. කරන්න ඕනි මොකක්ක්ද කියල හිතාගන්න මට තවත් එක මොහොතක් ගතවුනා..ඒ පුංචි කාලයට ඔයා පාර මාරු වෙල පේරාදෙනිය විශ්වවිද්‍යලය පැත්තට වෙස්සෙම යනව මම යාන්තමට වගේ දැක්ක​...දෙපාරක් නොහිතපු මම ඒ මහ වැස්සේ ඔයාගෙ පස්සෙන් ආවේ ඇයි කියල අදටත් මට හිතාගන්න බෑ.....


"ෂ්..... ෂ්..... මේ සොරි..... මොකක්ද මගෙන කෙරෙන්න ඕනි....."


          මම ඔයාට ටිකක් කිට්ටුවෙල ඇහුව​.හෙමීට ඇස් උස්සත මගෙ දිහා බැලූව ඔයාගෙ මුවේ යාන්තමට යිනාවක් ඇදිල තියෙන මම දැක්ක​.ඒ හිනාව ඇතුලේ තිබුනේ අසරණ කමක්ද එහෙමත් නැත්නම් ස්තූති කිරීමක්ද කියල මට තේරුනේ නෑ.ඇස් පිල්ලම් ගහන්නේවත් නැතුව මම ඔයාගේ දියා වලාගෙන ඉන්නව කියල දැක්ක ඔයා බොරු අමනාපකමක් මවගෙන මගේ දිහා බැලුව​...


"කියන්නකෝ... වෙච්ච වැරැද්දට සමාවෙන​.දැන් කියන්න මගෙන් මොකක්ද ඕනි උදව්ව​...."


        මම ආයෙම ඇහුවේ ඒ වෙලාවේ මගෙ හිතේ ඇතිවුන අපහසුතාවය මග ඇරගන්න​..


 "කරන්න පුලුවන් ලොකුම උදව්ව තමෛ අයියේ...... ඔය අතේ තියෙන කුඩේ ඉහල ගන්න එක....."


          එහෙම කියපු ඔයා මගෙ දියා බලලා ගොඩාක් ලෙඞතු විදිහට හිනා වුනා.............එතකොට තමයි මට මතකයට ආවේ මම කුඩේ අතේ තියාගෙන මහ වැස්සට තෙමෙනව කියල​.........

Wednesday, May 11, 2016

නෙතූ........ (පළමු මතකය ) 01 STORY




                      මුළු පරිසරයම අන්ධකාරයෙන් වහගෙන​..... අහස අඩන්න ඔන්න මෙන්න වගේ.... අදුරු වළා පට ඉරාගෙන විටින් විට ඇදෙන රිදී රේඛා වලට යාන්තමට අවට පරිසරය පෙනී නොපෙනී යන්නේ මගේ සිතට සරදම් කරනව වගේ... කන් අගුලු වැටෙන තරමට හෙණ හඩ පිපිරුවත්  ඒ හඩටවත් සංවේදි නොවෙන තරමට මගෙ හිත හොදටම රිදිල අද​. තප්පරෙන් තප්පරේ ගෙවිල කොච්චර වෙලාවක් ගියාද කියල මට මතක නෑ. මම ඒ තරමට අතීතයේ මතක සැමරුම් එක්ක අතරමං වෙලා​.කොහේදෝ ඉදල ආපු අකීකරු සුළගත් එක්ක මුහුවුනු වැහි පොද කිසිම අවසරයකින් තොරව විවෘතව තිබුන ජනේලයෙන් මගෙ කාමරයත කඩාගෙන වැදුනෙ හිතාගන්නවත් බැරි විදියට​.

                අදින් වසර කිහිපයකට ඉස්සර මේ වගේම වැස්ස දවසක ඔයා මට මුලින්ම මුණගැහුණ අද වගේම මට මතකයි.එදත් අද වාගේම හෙණ පුපුරමින් වැටුනත මම මොහොතකටවත් හිතුවෙ නෑ ඒ පිපුරුන අකුණු මගෙ ජීවිතයට වදි කියල​. 

...........................................................................................................


               වැටෙන වැහි බිංදු මගෙ ලඟ තිබුන කුඩයත ඔරොත්තු නොදෙන තරමට සැරවුන නිසා මම නුවර පේරාදෙණිය පාරේ ගලහ හන්දියේ බස් නැවතුම් පොලට ඉක්මනින් ගොඩ වෙල වැස්සට මුවා වුන​.වැස්ස තවමත් අරමුණක් නැතුව එක දිගත කඩාගෙන වැටෙනව​.අදුර මැද්දෙන් වැහි බිංදු කපාගෙන ඉදල හිටල එයාට මෙහාට ගිය වාහනයක් ඇරුන කොට මුලු පලාතම පුදුමාකාර පාලුවකින් වැහිල තිබුන​.


"අයියේ........"


              නුහුරු උනත් හිත ඇතුලටම දැනුන කට හඩකින් මම තිගැස්සිල වගේ හැරිල බැලුව​.ඇත්තටම ඒ කට හඩේ පුදුමාකාර අහිංසක කමක් ආදරයක් තියෙනව කියල මට නිකමට හිතුන​..............

Tuesday, May 10, 2016

නෙතූ..... (love story)



කොහේදෝ සිට ඇවිදින් දරන්නට බැරි තරමට සතුට දී..... මටත් නොකියා සිතටත් හොරෙන් සැගව ගිය නුබ අදත් සිත තුල කරයි සක්මන්..... ඒ ඔබේ කතාවයි..... මේ මගේ කතාවයි........ආදරයට ජීවිතය මෙන් ආදරය කර ජීවිතය සතු සියලු සන්තකයම ප්‍රේමය හමුවේ උකස් කල ඔහුගේ කතාවයි........... නෙතූ.....