Tuesday, October 18, 2022

සිත ලග

ආයෙමත් අපි ආදරෙන් හමුවෙන තෙළිතුඩක හැඩ අකුරු සමග එක්වෙමු

Friday, June 18, 2021

Life+ tv plz SUBSCRIBE ouer chanal


 ජීවිතය දකින්න ජීවිතය දිනන්න ගිලිහී ගිය අපේ එකම මුසු වුණු ජීවිතයේ සෞන්දර්යාත්මක පෙළහර .life+ tv අපේ යූටියුබ් චැනල් එක දැන් ම SUBSCRIBE  කරන්න .යූටියුබ් සර්ච් බාර් එකේ live+ tv ලෙස ටයිප් කර සර්ච් කර sUBSCRIBE  බට්න් එක press කරන්න.නැත්නම් පහල ලින්ක් එකෙන් යොමු වන්න .බෙල් සලකුණ ක්ලික් කරලා අලුත්ම වීඩියෝ ගෙන්වා ගැනීමට අමතක නොකරන්න 

Sunday, July 3, 2016

හිතට දැනෙන ගී Emotional songs 16

ලග ඉන්න පැතුවාට මට ලං වෙලා



ලග ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බැ හිතේ ඉඩ ඇහිරිලා....
පෙමි සිහිනෙ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බැ ඔබව තහනම් නිසා...


නිල් දැසෙ රැදිලා ම උන්නත් හොරා
එක්වෙන්න බැරි බැව් නොදනි ඔයා..
තහනම් මලක සුවද ගන්නට නෙලා
දැන් පල නොවේ තවත් තුරැලක් පතා

ලග ඉන්න පැතුවාට මට ලං වෙලා

පෙම් හැගුම් ගැලුවාට රහසේ නුරා
සගවා තියා ගන්න කාටත් හොරා.....
ඔබ දන්නවා නේද මා හිමි කෙනා
මා හිමි එයාටයි නෙතු පියෙනා තුරා......

ලග ඉන්න පැතුවාට මට ලං වෙලා

හිතට දැනෙන ගී Emotional songs 15

 හඩනවනම් හඩන්න


හඩනවනම් හඩන්න හඩන්න දුක තුනි වෙනකන්
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පල ගාවින්
අපි තවදුර නොයා යුතුයි ඔබ හිතලා බලන්න
අදින් පසුව කිසිවක් නෑ හිතවත්කම ඇරෙන්න
අපි තවදුර නොයා යුතුයි ඔබ හිතලා බලන්න
අදින් පසුව කිසිවක් නෑ හිතවත්කම ඇරෙන්න


හඩනවනම් හඩන්න හඩන්න දුක තුනි වෙනකන්
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පල ගාවින් 


හඩනවනම් හඩන්න හඩන්න දුක තුනි වෙනකන්
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පල ගාවින්
තුන් හිතකින්වත් මට බෑ අහිතක්නම් හිතන්න
මට දුන් ආදරය හදේ මියයන තුරු රකින්න
තුන් හිතකින්වත් මට බෑ අහිතක්නම් හිතන්න
මට දුන් ආදරය හදේ මියයන තුරු රකින්න 


හඩනවනම් හඩන්න හඩන්න දුක තුනි වෙනකන්
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පල ගාවින් 

අතරමං උන සිත poem

අතරමං උන සිත



ආදරයක් නොමැතිව​
අතරමං උන සිතකට
පුංචි තරු එළියකුත් ඇති
යනෙන මග සොයන්නට​
බලා සිටියත් 
නිසොල්මන් අහස දෙස​
තවම නොදුටුවෙමි මම​
මම සොයන තරු එළිය​
මදක් නැවතී සිතුව විට​
වැටහුනා මටම​
අමාවක අහස තුල​
කොහිද තරු මම සොයන​

Sunday, June 26, 2016

හිතට දැනෙන ගී Emotional songs 14

ඔ‍බෙ සැප මගෙ සතුටයි....





ඔ‍බෙ සැප මගෙ සතුටයි.

මුතු බිහි කරලා අනුනට බෙදනා...


මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ...

.
ඔබෙ සැප මගෙ සතුටයි...



කොහිද අප සෙවූ සුව සහනේ


එළිය නිවුනි දැල්වුන පහනේ...//

අදුරේ නැති වූ ඉදිකටුවක් සේ..


රිදී ඉරක් නැග නැතිව ගියා...




ඔබෙ සැප මගෙ සතුටයි...




සත්සර නිහඩය වීණාවේ...


තත්පෙළ ඉකිබිද තැවුනාවේ...//


මා ගැයු ගීතේ අද මට නෑසේ..


ඔබේ කණට එය ඇසුනාවේ....





Thursday, June 16, 2016

අනුබුදු මිහිඳු හිමි ලක්‌දිවට වැඩම කළ පොසොන් පෝය


අනුබුදු මිහිඳු හිමි ලක්‌දිවට වැඩම කළ 
පොසොන් පෝය 


"අනුකම්පාව නමැති මේ බෝසත් ගුණයෙන් එදා පෝෂණය ලැබූ මිහිඳු මාහිමියන් හෙළදිවට වැඩම කළේ රටක්‌, ජාතියක්‌ වශයෙන් අප ආගමෙන් දහමෙන්, සංස්‌කෘතියෙන්, ආර්ථිකයෙන් භාෂාවෙන් කලාවෙන්, සාහිත්‍යයෙන් අන්ත අසරණව සිටි බැවිනි. ඉන් අප මුදවා ලෝකයේ පිළිගත් සමෘද්ධිමත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ ඇතිකර දීම උන්වහන්සේගේ පරමාර්ථය විය.

වෙසක්‌ පුන් පොහෝ දින උණුසුමත් සමඟ උදාවන්නේ පොසොන් පුර පසළොස්‌වක පෝය දිනයයි. වෙසක්‌ පුන් පොහෝ දිනය තුන් ලොවටම අසීමිත සැනසුමක්‌ උදා කළ අසිරිමත් දිනයයි. ජීව අජීවී සෑම වස්‌තුවක්‌ නිවී සැනසුන දිනය ද වෙයි.

පොසොන් පුර පෝය ශ්‍රී ලාංකික ජනතාවට ම ආවේණික වූ සුවිශේෂී වූ දිනය ද වේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස නිමල බුදුÊදහම රැගෙන වැඩම කරවනු ලබන්නේ අද වන් දිනකය. එනම් මිහින්තලා අම්බස්‌තලය වෙතටයි. දේවානම්පියතිස්‌ස රජු ඇතුළු හතළිස්‌දාහක්‌ පිරිස මුණ ගැසෙන්නේ මෙහිදීය. රජු ඇතුළු පිරිස මුව දඩයමේ යෙදී සිටි මොහොතකය. රජු ඇතුළු පිරිස දුටු මිහිඳු මහ රහතන් වහන්සේ,

"සමණාමයං මහාරාජ
ධම්මරාජස්‌ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා"

මහරජ අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබටම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණියෙම්හයි වදාළහ. රජුගේ බිය සැක පහ විය. ධර්ම දූතයකු වශයෙන් තම කාර්ය ඉටුකර ගැනීම සඳහා රජු සුදුස්‌සකු දැයි සොයා බැලීමක්‌ වශයෙන් අඹරුක්‌ උවමින් හා නෑ උවමින් රජු බුද්ධි පරීක්‍ෂණයකට යොමු කළහ. රජුගේ නිරවුල් පිළිතුරින් මිහිඳු මාහිමි තම අනාගත කාර්යභාරයේ සාර්ථකත්වය අවබෝධ කර ගත්හ.

මිහිඳු මාහිමියන් රජුට තමේව අනුකම්පාය (ඔබටම අනුකම්පා පිණිස) ආ බව ප්‍රකාශ කිරීමෙන් එහි ගැඹුරු අරුතක්‌ පෙන්නුම් කරවන්නකි. අප මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පාරමී දම් පිරුවේ සසර අනේකවිධ දුක්‌ විඳින සත්ත්වයන් ඉන් අත මුදවා සදා සැනසුම ලබාදීමේ හටගත් අනුකම්පාවෙනි. බොදු හදවත් තුළ "අනුකම්පාව, නමැති බීජය රෝපණය වන්නේ මේ අයුරෙනි"

"අනුකම්පාව නමැති මේ බෝසත් ගුණයෙන් එදා පෝෂණය ලැබූ මිහිඳු මාහිමියන් හෙළදිවට වැඩම කළේ රටක්‌, ජාතියක්‌ වශයෙන් අපි ආගමෙන් දහමෙන්, සංස්‌කෘතියෙන්, ආර්ථිකයෙන් භාෂාවෙන් කලාවෙන්, සාහිත්‍යයෙන් අන්ත අසරණව සිටි බැවින් මින් මුදවා ලෝකයේ පිළිගත් සමෘද්ධිමත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ ඇතිකර දීමේ හටගත් අනුකම්පා සහගත සිතින් යුතුවය.

අටමස්‌ථාන, සොළොස්‌මස්‌ථාන ආදී ෙඓතිහාසික වෙහෙර විහාරස්‌ථාන, සමුදුර පරයන වැව් අමුණු, වේලි, කෙත්වතු, උයන්වතු කියා පාන්නේ මිහිඳු මාහිමියන්ගේ සිත තුළ පහළ වූ අසීමිත අනුකම්පාවේ, දොaංකාරයේ අසිරිමත් බවයි. භෞතික වශයෙන් රටක්‌ දියුණු කිරීමට පළමුව රජු ඇතුළු පිරිස ආධ්‍යාත්මික වශයෙන් හැඩ ගස්‌වා ගැනීම මූලික පියවර වන්නේ යෑයි සිතූ මිහිඳු මාහිමි ඔවුන් තෙරුවන් සරණ ගන්වා පංචශීලයෙහි පිහිටුවූහ. මිනිසා හදා රට ගොඩනඟමු. යන සංකල්පයේ ආරම්භය අප රට තුළ සමාජගත වන්නේ මේ සිද්ධියෙන් පසු බව වැටහේ. හෙළදිව පළමුව තෙරුවන් සරණ ගිය පන්සිල් රකින පිරිස බවට මොවුහු ඉතිහාසයට එක්‌ව ඇත.

දෙවන පෑතිස්‌ රජතුමා ඇතුළු පිරිසට පළමුව මිහිඳු මාහිමි දෙසූ සුත්‍රය වන්නේ, චුල්ලහත්ථිපදොaපම සූත්‍රයයි. තුනුරුවනේ උසස්‌කමද භික්‍ෂුවගේ චාම් ජීවිත පැවැත්ම ද ශ්‍රේෂ්ඨ ගුණගරුක ජීවිතය ද සිවුසස්‌ දහම් ද විස්‌තර වේ..

මේ සූත්‍රයට අනුව ජානුස්‌සෝනි බ්‍රහ්මණයා හා පිලෝතික පරිබ්‍රාජකයා අතර ඇතිවන සංවාදයේදී පිලෝතික පරිබ්‍රාජකයා ජානුස්‌සෝනි බ්‍රාහ්මණයාට බුදුහිමි හඳුන්වා දෙයි. ඇතුන් වසන වනයේ වාසය කරන (හස්‌ථි ශිල්ප නූගත්) දක්‍ෂ වූ පුරුෂයෙක්‌ දිගු පුළුල් ඇත්පිය ලකුණක්‌ දැක එය මහ ඇතකුගේ යෑයි නිශ්චය කොට දැන ගන්නා මෙන් මමත් බුදුහිමිගේ C¹ණ පද සතර දැකීමෙන් උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියා ද. උන්වහන්සේගේ ධර්මය ස්‌වාක්‌ඛාත, මනාකොට වදාරණ ලද නිසාද, ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්න මනාකොට සම්‍යක්‌ ප්‍රතිපදාවේ පිළිපන් නිසාද. බුදුන් ප්‍රමුඛ තෙරුවනට පැහැදුනෙමියි දීර්ඝ විස්‌තරයක්‌ කරයි. මෙය ඇසූ ජානුස්‌සෝනි බමුණා රියෙන් බැස උතුරු සළුව එක්‌කොට පොරවා බුදුÊහිමි වැඩ සිටි දිසාවට වැඳ තුන්වරක්‌ නමස්‌කාර පාඨය කියා නමස්‌කාර කළහ. පසු දිනක බුදුහිමි මුණගැසුන ජානුස්‌සෝනි බමුණාට හස්‌ථිපදොaපම ධර්ම දේශනාව අංග සම්පූර්ණව දෙසූහ.

අද වන් දිනක මිහිඳු මාහිමියන් වහන්සේ දෙවනපෑතිස්‌ රජුට මේ සූත්‍රය දෙසීමෙන් ද රජු ද තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්විය. තෙරුවන් සරණ ගිය උපාසක තෙමේ මින්පසු නිති පන්සිල් රකින්නකු විය යුතුයි.

ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම, රහමෙර පානයෙන් වැළකීම.

මේ පංචශීල ප්‍රතිපදාවයි. පන්සිල් ආරක්‍ෂා නොකිරීම පස්‌ පවයි. මිහිඳු මාහිමි, රජු ඇතුළු පිරිස පන්සිල් හි පිහිටුවා දැමුණු හික්‌මුණු පිරිසක්‌ බවට පත්කර ගත්හ. පෑතිස්‌ රජු මුවන් මැරීමේ ෙච්තනාවෙන් පසුපස හඹා යැමෙන් සිදුකර ඇත්තේ බලවත් වරදක්‌ බව. මේ මොහොතේ ඔවුහු සිතට තදින් දැනුණා විය හැක. ලොවක්‌ රටක්‌ සමාජයක්‌ පවුලක්‌ තුළ ජීවත්වන මානවයා බුදු දහමේ ඉගැන්වෙන මූලික ප්‍රතිපදාව වන පංචශීලය අනුව ජීවිත හැඩ ගස්‌වා ගන්නේ නම් නිරවුල් සුන්දර ලොවක්‌ නිර්මාණය කරගත හැකි වේ.

බලකාමය, වස්‌තුකාමය ඉදිරියේ මේ ශික්‍ෂාපද

රැකීමේ දුර්වලකම් නිසා සමාජයේ ශීඝ්‍ර පරිහානියක්‌ නිර්මාණය වී ඇත. උපන් දා පටන් අප පංසලේදීත්, පාසලේදීත් ආගමික මුහුණුවරක්‌ ගන්නා උත්සවයකදීත් පන්සිල් සමාදන් වෙන්නෙමු. මෙය කරන්නන් වාලේ කරන චාරිත්‍රයක්‌ බවට අද පත්ව ඇත. මෙයින් ලැබෙන යහපත අයහපත ගැන කෙනකු මනා අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් සාරධර්ම අගයන ගුණාත්මක සමාජයක්‌ කරා යා හැක. එවන් සමාජයක අඬදබර, කල කෝලාහල, මිනීමැරුම්, අසමගිකම්, හිංසා පීඩා, බියවැද්දීම්. දූෂණ, පළිගැනීම් ආදී දුර්ගුණ මතු නොවේ.

බුදුÊදහම අහිංසා ප්‍රතිපදාවකි. හිංසාව හෙළාදකී. මිහිඳු මාහිමි දෙවනපෑතිස්‌ රජුට ඉඳුරාම ප්‍රකාශ කර හිටියේ "මහරජ, ඔබ මේ වනයේ අයිතිකරු නොවේ. භාරකරු පමණි" යනුවෙනි. මිනිසාට පමණක්‌ නොව සතා සිවුපාවටත් සොබාදහමටත් නිදහසේ ජීවත් වීමේ සම අයිතියක්‌ ඇති බව මින් ගම්‍ය වේ. බුදුÊහිමි ද අවධාරණය කළේ තමා උපමා කොට සෑම සත්වයකුටම හිංසා පීඩා, බිය වැද්දීම්, මැරීම් නොකටයුතු බවයි. මිනිසා විසින් මිනිසා මැරීමට ඇතැම් පුද්ගලයන් අද දරුණු වී ඇති බව පෙනේ. තම දරුවා දෙමාපියන් ද, දෙමාපියන් තම දරුවන්ද, ශිෂ්‍යා ගුරුවරයා ද ගුරුවරයා ශිෂ්‍යා ද සැමියා බිරිඳ ද බිරිඳ සැමියා ද අමු අමුවේ ඝාතනය කරනු ලබයි. මේ සිදුවීම් රටේ පුවත් මැවීමට තරම් ප්‍රධාන කරුණු බවට පත්ව ඇත.

කෙනකු තම ජීවිතය කැප කර යම් වස්‌තුවක්‌ උපයා ගන්නේ තම පවුලේ නඩත්තුව වෙනුවෙනි. මේ බලාසිටින තවෙකකු සොරා ගන්නේ මේ මොහොතේ අපරාධ රාශියක්‌ කරමිනි. ගෙහිමි බිරිඳ, වැඩිවියට පත් හා නොපත් මල් කැකුළුවන් දූවරු දූෂණය කර ඉන් අනතුරුව සියලු දෙනා ඝාතනය කරමිනි.

තම බිරිඳගෙන් සෑහීමකට පත් නොවන ඇතැම් පුරුෂයන් දැන දැන විෂම කාමාචාරයේ යෙදෙති. ඇතැම් ස්‌ත්‍රීන් ද මෙයම අනුගමනය කරති. මින් මතුවන සැකය ඉදිපොකුර බිම ගැසුවා සේ පවුල් සංස්‌ථාව දෙදරා සුණු විසුණු වී යයි. මේ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වන්නේ තම ලෙයින් උපන් දරුවන් මහමඟ අසරණ වීමය.

බොරුවෙන්ම ජීවත් වන්නෝ ද රට තුළ සැරිසරති. අනුන් රවටා මැණික්‌ ගල් යෑයි කියා දිළිසෙන තිරුවානා කැට පෙන්වයි. ගජමුතු යයි නොවටිනා දේ පෙන්නා චතුර ලෙස කතා කර මුළා කර මිල මුදල් ලබා සැඟව යන්නෝ කොතරම් ද මෙබඳු කපටින්ගෙන් බේරීමට ඔබ අප තැනට සුදුසු නුවණින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

සුරාපානය මුළුමහත් සමාජයම දුගඳගස්‌වන්නකි. සෑම නගරයකම සුරාසල් බහුලව ඇත. මෙය වැඩි උනා යෑයි කියන්නේ පානය කරන්නන්ගේ ප්‍රවණතාවයයි. මින් සිදුවන අනිටු විපාක බොහෝ වෙති. දිළිඳුකම, අසමගිය හඳුනාගත නොහැකි රෝග, සමාජයේ කොන් කිරීම ආදියයි. මෙය හා බැඳුණු මත්කුඩු, අප පාසල්වල ඇතැම් දරුවන්, තරුණයන් විනාශ කර හමාරයි. ඇතැම් දෙමාපියන් කරගත නොහැකි තැන දැත් එකතුකර ඔසවා, දෙස්‌ දෙවොල් කියන්නේ ගෙන්වන්නන්ට, අනුබල දෙන්නන්ට, අලෙවි කරවන්නන්ට ශාප වේවා යනුවෙනි. මෙයම ප්‍රමාණවත් වේදැයි සිතිය යුතුය.

මිහිඳු මාහිමි පොසොන් පෝදා වැඩම කොට පෑතිස්‌ රජු හා පිරිසගෙන් බලාපොරොත්තු වූයේ භෞතික දියුණුවට වඩා මිනිසා හදා රට හදා ගැනීමයි. එනිසා රජු හා පිරිස තිසරණ ගන්වා පන්සිල්හි පිහිටු වූහ. ධර්ම රාජ්‍යයේ මූලික අත්තිවාරම මේ පංචශීලයයි.

පෙරදා අප රට සාරධර්ම පිරුණු තැනකි. යුග ගණනාවක්‌ යනතුරු එසේ විය. ඉතිහාසය එය ප්‍රත්‍යක්‍ෂ කරවයි. වර්තමානය අතිශයින් දුක්‌මුසුය. හොඳ ලොවක්‌ තනා ගැනීමට නම් රාජ්‍ය පාලකයන් අදාළ ආයතන, ගුරු දෙගුරු, භික්‍ෂුන්, වැඩිහිටියන්. ක්‍රියා කළ යුතුව ඇත. නීතිය බලගැන්විය යුතුය. දහම් පාසල් පෝෂණය කළ යුතුය. මේ සඳහා ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය. ඇතැම් රටවල වරදකරුවන්ට කස පහර දෙති. ප්‍රසිද්ධ තැන්වල සිටුවා ගල් ගසා මරති. මෙය දකින ඇතැම්හු නැවත අපරාධ නොකරති.

අනුරාධපුර ලංකාරාමාධිකාරි,
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රළපනාවේ ධම්මජෝති හිමි


උපුටා ගැනීම​:http://www.divaina.com/2015/06/02/feature01.html

Tuesday, June 14, 2016

හිතට දැනෙන ගී Emotional songs 13

මං මුලාවී පාර හොයාගෙන



මං මුලාවී පාර හොයාගෙන

හසරක් අසමින් යන ගමනේ


මං මුලාවූ සමනළියකගෙනි


පාර අසා තිබුනේ




ඇයත් නොදන්නිය ඇය යන මානය


උන්හිටි තැන් මතකයේ අඩමානය //


පාර කියන්නේ කෙලෙසද මා හට


ඇයටද පාරක් ඇති නැති ගානය

මං මුලාවී.......... 




අප හමුවූයේ මන්දැයි නොදනිමි


පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //


අපේ ගමන අද නවතනු හැකිනම්


අප යන ගමනද අද මෙතැනින් නිමි

මං මුලාවී.........