අතරමං උන සිත
ආදරයක් නොමැතිව
අතරමං උන සිතකට
පුංචි තරු එළියකුත් ඇති
යනෙන මග සොයන්නට
බලා සිටියත්
නිසොල්මන් අහස දෙස
තවම නොදුටුවෙමි මම
මම සොයන තරු එළිය
මදක් නැවතී සිතුව විට
වැටහුනා මටම
අමාවක අහස තුල
කොහිද තරු මම සොයන
No comments:
Post a Comment