Sunday, July 3, 2016

හිතට දැනෙන ගී Emotional songs 16

ලග ඉන්න පැතුවාට මට ලං වෙලා



ලග ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බැ හිතේ ඉඩ ඇහිරිලා....
පෙමි සිහිනෙ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බැ ඔබව තහනම් නිසා...


නිල් දැසෙ රැදිලා ම උන්නත් හොරා
එක්වෙන්න බැරි බැව් නොදනි ඔයා..
තහනම් මලක සුවද ගන්නට නෙලා
දැන් පල නොවේ තවත් තුරැලක් පතා

ලග ඉන්න පැතුවාට මට ලං වෙලා

පෙම් හැගුම් ගැලුවාට රහසේ නුරා
සගවා තියා ගන්න කාටත් හොරා.....
ඔබ දන්නවා නේද මා හිමි කෙනා
මා හිමි එයාටයි නෙතු පියෙනා තුරා......

ලග ඉන්න පැතුවාට මට ලං වෙලා

හිතට දැනෙන ගී Emotional songs 15

 හඩනවනම් හඩන්න


හඩනවනම් හඩන්න හඩන්න දුක තුනි වෙනකන්
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පල ගාවින්
අපි තවදුර නොයා යුතුයි ඔබ හිතලා බලන්න
අදින් පසුව කිසිවක් නෑ හිතවත්කම ඇරෙන්න
අපි තවදුර නොයා යුතුයි ඔබ හිතලා බලන්න
අදින් පසුව කිසිවක් නෑ හිතවත්කම ඇරෙන්න


හඩනවනම් හඩන්න හඩන්න දුක තුනි වෙනකන්
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පල ගාවින් 


හඩනවනම් හඩන්න හඩන්න දුක තුනි වෙනකන්
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පල ගාවින්
තුන් හිතකින්වත් මට බෑ අහිතක්නම් හිතන්න
මට දුන් ආදරය හදේ මියයන තුරු රකින්න
තුන් හිතකින්වත් මට බෑ අහිතක්නම් හිතන්න
මට දුන් ආදරය හදේ මියයන තුරු රකින්න 


හඩනවනම් හඩන්න හඩන්න දුක තුනි වෙනකන්
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පල ගාවින් 

අතරමං උන සිත poem

අතරමං උන සිත



ආදරයක් නොමැතිව​
අතරමං උන සිතකට
පුංචි තරු එළියකුත් ඇති
යනෙන මග සොයන්නට​
බලා සිටියත් 
නිසොල්මන් අහස දෙස​
තවම නොදුටුවෙමි මම​
මම සොයන තරු එළිය​
මදක් නැවතී සිතුව විට​
වැටහුනා මටම​
අමාවක අහස තුල​
කොහිද තරු මම සොයන​