Tuesday, April 19, 2016

(HIV) ඒඩ්ස් - මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය


(HIV) ඒඩ්ස් - මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය




ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර්  01
කතෘ - වෛද්‍ය ශාමිලා සමරනායක (MBBS, DCH)
ආයතනය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය
රෝග කාරකය - මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය (HIV) එච්.අයි.වී
හැදින්වීම
ප්‍රථම ඒඩ්ස් රෝගියා 1986 ඇමරිකාවෙන්ද, ප්‍රථම ශ්‍රී ලාංකික එර්ඩ්ස් රෝගියා 1987 ද වාර්තා විය. වෛරසය ආසාදනය වන්නේ ප්‍රධාන වශයෙන් ලිංගික සබදතා මගිනි. මීට අමතරව ආසාදිත රුධිර පාරවිලයන, දූෂිත ඉදිකටු, සිරිංජර් හෝ ආසාදිතයකුගේ අවයව / පටක බද්ධ කිරීමෙන්ද ආසාදනය වේ. HIV වෛරසය සිරුරේ ප්‍රතිශක්තිය ක්‍රමයෙන් අඩු කරන නිසා රෝගියා නොයෙකුත් බැක්ටීරියා, වෛරස හා අනෙකුත් ආසාදනවලට ලක්විය හැක. එච්.අයි.වී. වෛරසය ශරීරගත වීමෙන් පසු අවුරුදු ගණනාවකට පසු රෝගියා ඒඩ්ස් තත්ත්වයට යයි. මෙම ක්‍රියාවලියට වසර 3-10 ක් පමණ ගතවේ.

රෝගය නිසා සිරුරේ සිදුවන වෙනස්කම් / ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු
මෙම වෛරසය සිරුරේ ප්‍රතිශක්තිමය ක්‍රියාවලිය පාලනය කිරිමේ ලා මූලික වන ආධාරක ටී සෛල නම් වූ සුදු රුධිරාණු තුළ වර්ධනය වේ. ටී සෛල මෙම වෛරසයෙන් ආසාධිත වූ විට සිරුරේ ප්‍රතිශක්තිය බිද වැටේ. එවිට වෙනත් රෝග කාරකයන් බාධාවකින් තොරව ශරීරය තුළට ඇතුල්වී නොයෙක් ආසාදන ඇති කරයි. රෝග ලක්ෂණ නොපෙන්වුවත් ලිංගික හැසිරීම්වලදී වෛරසය තවත් කෙනෙකුට පැතිරිය හැක. මෙම රෝගය වැළදීමේ වැඩි අවදානමක් ඇති කාණ්ඩ නම්,
  • කීපදෙනෙකු සමග සම්බන්ධතා පැවැත්වීම.
  • ඉදිකටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය ගැනීම.
  • ලිංගික සේවයේ යෙදෙන්නන්
  • රෝගය සහිත ගර්භණී මවකගෙන් ළදරුවාට


රෝග ලක්ෂණ
මුලදී කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි. අධික තෙහෙට්ටුව, බර අඩුවීම, රාත්‍රියට උණ ගැනීම, සමේ දද වසා ග්‍රනථි ඉදිමීම, දිව මතුපිට සුදු පටලයක් ඝණව බැදීම, අධික පාචනය වැනි රෝග ලක්ෂණ ඒඩ්ස් රෝගී තත්ත්වයට පත්වන විට දැකිය හැක.

සංකූලතා
ඒඩ්ස් රෝගියකුගේ සිරුරේ විවිධ පද්ධතිවල සංකූලතා හටගත හැක.
  • ශ්වසන පද්ධතිය - නියුමෝනියාව, ක්ෂය රෝගය
  • ස්නායු පද්ධතිය - මතකය දුර්වල වීම. / ඩිමෙන්ෂියා තත්ත්වය
  • පිළිකා - කාපෝයි සාකෝමා නම් සමේ පිළිකා, ලිම්ෆෝමා නම් වසා පද්ධතියේ පිලිකා, ගැබ් ගෙල පිළිකා, මුඛය වණ වීම, අක්මා ප්‍රදාහ, ගිලීමේ අපහසුව, මරණය

ප්‍රතිකාර
HIV සදහා රුධිර පරීක්ෂණ, ශ්‍රී ලංකාවේ ලිංගාශ්‍රිත රෝග සායන පැවැත්වෙන රජයේ රෝහල්වල නොමිලයේ සිදු කරයි. මෙයින් HIV වෛරස ප්‍රතිදේහ පරික්ෂාවට ලක්වේ. රෝගය ආසාදනය වූ පසු වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් රෝගය පාලනය කර ගත හැකි නමුත් සම්පූර්ණ සුවය නොලැබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම.
  • ලිංගික සබදතා තමාට විශ්වාස වූ එක් සහකරුවකුට / සහකාරියකට පමණක් සීමා කිරීම.
  • රුධිර පාරවිලනයකදී HIV නොමැති බවට සහතික කළ රුධිරය පමණක් ලබා ගැනීම.
  • විදින ඉදිකටු, සිරිංජර හුවමාරු කර නොගැනීම.
  • කොන්ඩම් භාවිතය
  • තමාට වැළදී ඇත්නම් ලිංගික සහකරු / සහකාරියද සායනයට යොමු කිරීම හා වෙනත් අයට බෝවිය හැකි නිසා ලිංගික හැසිරීම් ..................................

පරිශීලන / ආශ්‍රිත ලේඛන
ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මගින් ප්‍රකාශිත ග්‍රන්ථ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිලිබද  ග්‍රන්ථ




උපුටා ගැනීම​;     http://suwasariya.gov.lk

No comments:

Post a Comment