Saturday, April 23, 2016

ආදරය යනු කුමක් ද?

ආදරය යනු කුමක් ද? 

( adaraya yanu kumakda )

කෙදිනක වත් නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු නොවන හැඟීමකි. හැඟීම් යනු අප අතහැරිය යුතු දෑ නොවේ. හැඟීම් යනු මිනිස් පදාර්ථයේ එක් කොටසකි. ආදරය, කාමය යන හැඟීම් නොතිබුනා නම් අද පිහිමත මිනිසා නොමැතිවනු ඇත. මිනිස් හැඟීම් යනු මිනිසාගේ මිහි මත පැවැත්ම සදහා භාවිත වන ස්වාභාවික ආකල්පයකි. ආදරය යනු කුමක්ද? ප්‍රේමය යනු කමක් ද? ආදරය කිරීමේ අනිසි ඵල මොනවාද? ආදරය රෝගයක් ද? ආදරයේ අරමුණ කුමක් ද? ආදරය නරක වැඩක් ද? මෙවැනි විවිධ ප්‍රශ්න ආදරය සම්බන්ධව ඇතිවිය හැකි බව සත්‍ය කි. ආදරය වත්මන් සංස්කෘතිය අනුමත නො කරන විටක වුවද ඔබ ඒ ගැන අවබෝදය‍න් සිටිය යුතුය. ආදරය ලෙස මා මෙහි කතා කරන්නේ කාන්තාවක හා පුරුෂයකු අතර ඇති ආදරයයි.
ආදරය කාන්තාවක කෙරෙහි පුරුෂයකුටත් පුරුෂයකු කෙරෙහි කාන්තාවකටත් ඇති විය හැකි ය. මුහුන දෙස බලා සිටීම මෙහි මුල් අවස්තාව ලෙස පෙනෙන්නට තිබේ. මේවා මේ තත්ව‍යේදී මැඩපැවැත්විය හැකිය. ක්‍රමයෙන් තම සිත් ගත් රුව දෙස බැලීමට නිතර සිත් වේ. මෙලස ආදරය සිත තුල රෝපණය වේ. පසුව කතා කිරීමටත් දෑස් දෙස බලාසිටීමත් නිසා අධික ආදරයක් සිත තුල ඇතිවේ. මෙම බන්දනය දිගින් දිගටම පැවතීම නිසා මෙය මැඩපැවැත්වීම ඉතා අසීරු ය. හදිසියේ සම්බන්දය බිදවැටීමකදී ඇතිවන දුක විරහව ලෙස හදුන්වමු. මේ හැඟීම ඇති වන්නේ තම සහකරු සහකාරිය තනි කිරීම වැලැක් වීමටය. හඟීම් වල අර්ථය නොදත් අයකු, පාලනය කරගත නොහැකි අයකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීම දැකිය හැක. සංස්කෘතිය වැරදියි කීවත් එය සමාජයේ සාමාන්‍ය ක්‍රියාවකි. වරද ඹහුගේ නොව ශිෂ්ට යැයි කියා ගන්නා මිනිසාගේ ය. 


No comments:

Post a Comment