Saturday, June 4, 2016

හිතට දැනෙන ගී Emotional songs 10

ඔබෙ සිත මා සිත


ඔබෙ සිත මා සිත වෙන් කළ 
සිතුවිලි සංගිලි පාලම 
ඒ මේ අත වැනෙනා 
චකිතය සිත තනනා 

ඇඟ සමබර කර එන්නෙ කොහොමද 
හමනා විට ආදරේ කුණාටුව 
ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ 
ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී 
මා මියදුනත් කමක් නෑ 

කීරි ගැහෙන කන් අයා සිටින්නද 
බිදෙනා විට පාළමේ රැහැන්පට 
දෑස පියාගෙන මං පියවර මැන්නා 
ඔබ මා අතැඟිළි හමුවූ විගසකිනා 
අප සිත් වෙන් කළ පාලම බිඳුණා 


  කසුන් කල්හාර

No comments:

Post a Comment