Sunday, June 5, 2016

කදුලු සිත්තම් short story

කදුලු සිත්තම්


මම ඔයාට ආදරේ කරපු තරම් ඔයාට මම ආදරේ කරන තරම් මම කොහොමද මෙන්න මෙච්චරයි කියල ඔයාට කියල දෙන්නේ සුදූ........ ජිවිතේ පල්ලටම මම වැටුනේ ආදරේ කරන්න ගිහින්..... ආදරේ කරනකොට මම මගේ සීමාව හැමදාම අමතක කරනව​..මුළු ලෝකෙම අමතක කරල කවුරු  හරහට ආවත් මම ආදරේ කරනකොට ඉන්නේ මගෙ මතේ විතරයි.මම ඔයාට කොච්චර ආදරේ කලත් ඔයා තවමත් මට ආදරේ නෑ.ඔයාට ආදරේ කරනවනම් ඔයාත පීඩනයක් නොදි ආදරේ කරන්නලු.ඔයා ගැන හොයල බලනවනම් ඔයාට පීඩනයක් නොදි හොයල බලන්නලු.මම මගෙ මුළු ජිවිතේම කැපකරගෙන අතීතේ හැම දෙයක්ම අමතක කරල ඔයගෙ පස්සෙන් වැටිල ඔයාත ආදරේ කරන එක ඔයාට පීඩනයක් උනේ කොහොමද​...? ඔයා නොදන්න කමට හිතට වහල් වෙලා ජිවිතේ වරද්දගනී කියල බයට ඔයා හැන හොයල බලන එක ඔයාගෙ පස්සෙන් වැටිල ඉන්න එක ඔයාට පීඩනයක්ද​...?එතකොට මේ බැදිමට මම දෙන නම මොකක්ද සුදූ..............ඔයා හැම වෙලාවෙම කියන්නෙ ඔයාව තේරුම් ගන්න කියල​.... මම ඔයාව තේරුම් අරගෙන ඉන්නේ.. ඒත් ඔයා කවද්ද මාව තේරුම් ගන්න්නේ.........මම කවදාවත් ඔයාත කිවුවේ නෑනේ සමාජේ අනික් අය වගේ ආදරේ කරමු කියල​...... ජිවිතෙ ගැන මහ බොලද විදිහට හිතමු කියල​.....මට තේරුම් ගන්න බැරි ඇයි ඔයාට මම කියන දේ තේරුම් ගන්න බැරි කියන එක​.මම දන්නව ඔය ෆිල්ම් බලන්න යන්න කැමති නෑ කියල​.සංගීත ප්‍රසංග බලන්න කැමති නෑ කියල​.තව ගොඩක් දේවල් මම දන්නව​... මම කවදාවත් ඔයාට ඒ දේවල් කරමු කියල බල කරල නෑ නේද​...? එහෙමනම් මම ඔයාට පීඩනයක් ගෙනාව කියල ඔයා කියන්නේ කොහොමද සුදූ.....

No comments:

Post a Comment