වරද සහ දඩුවම
වැරැද්දක් කියන්නේ මොකද්ද?................අපි ඒකට මෙන්න මේ විදිහේ සරලව අර්ථකතනයක් දෙමු.
"සමාජ සාරධර්ම හා ආගමික(බෞද්ධ,හින්දු,කතෝලික,ස්ලාම් හා වෙනත්) නියමයන්ට පටහැනිව ක්‍රියාකිරීම හා රටක ආන් ඩුක්‍රම විවස්ථාවට හා දන්ඩනීති සංග්‍රහය උල්ලංගනය කිරීම වරදක් ලෙස හදුන්වමු....."
මේක මගේ පෞද්ගලික මතයක්.මම බොහෝදුරට නිවරදියි කියල මම හිතනව.මම කියන දේ ඇතුලේ වරදක් තියෙනවනම් ඒක නිවරදි කරන්න ඔයාලට අයිතියක් තියෙනව.දැන් අපි බලමු දඩුවම කියන්නේ මොකක්ද කියල...... අපි ඒක මේ විදිහට සරලව අර්ථකතනය කරමු.
"සමාජ සාරධර්ම හා ආගමික(බෞද්ධ,හින්දු,කතෝලික,ස්ලාම් හා වෙනත්) නියමයන්ට පටහැනිව ක්‍රියාකරන හා රටක ආන්ඩුක්‍රම විවස්ථාවට හා දන්ඩනීති සංග්‍රහය උල්ලංගන කරන්නන්ට සමාජ , ආගමික,ආන්ඩුක්‍රම විවස්ථාණුකූලව හා රටේ පවතින නීතියට අදාලව ක්‍රියාමාර්ග ගැනීම දඩුවම ලෙස හැදින් විය හැක."
දැන් අපි ටිකක් වෙනස් විදිහට බලමු මේ වරද සහ දඩුවම ගෙන..........යම් පුද්ගල යෙක් වරදක් සිදු කලේනම් ඒ සදහා දඩුවම් ලැබිය යුතුයි............නමුත් අපි ටිකක් සාධාරණ විදියට හිතල බලල ඒ පුද්ගලය ඒ වරද සදහා පෙලබුනේ කුමන හේතුවක් මතද කියල ටිකක් හිතල බලල අනාගතයෙදි ඔහු හෝ වෙනත් පුද්ගලයෙක් ඒ වරදට පෙලබවීමට වැලැක්වීම වඩාත් ප්‍රායෝගිකයි කියල හිතෙන්නේ නෙද්ද?.......
සුරාවට,සුදුවට,හොරකමට වගේ නොයකුත් අපරාධවලට යොමුවෙන පුද්ගලයෙක් ඒ අපරාධයට නිකම්ම යොමුවෙන්නේ නෑනේ.කවුරුත් උපතින්ම අපරාධකාරයෙක් වෙන්න බෑ නේද?කුමක් හෝ සමාජ,සංස්ක්‍රුතික සාධකක් මත තමයි කෙනෙක් අපරාධයකට යොමු වෙන්නේ.මම මේ හදන්නේ අපරාධ සාධාරණීයකරනය කරන්න හදනව කියල හිතන්න එපා.ඒ වුනාට අපරාධයකට දඩුවමක් දීමෙන් පමනක් ඒ අපරාධය වැලැක්වීමට හෝ නිවරදි කිරීම කල නොහැකිනේද?..........
කෙනෙක් අපරාධයක යොමුවීමට හේතුව හොයල ඒකට නිසි පිලියම් යෙදීමෙන් සමාජය තුල අපරාධ සිදුවීම සෙඅලකිය යුතු මට්ටමකින් අඩු කරන්න පුලුවන්.....අනික් දේ තමයි යම් කෙනෙක් අපරාධයක් සිදුකිරිමෙන් පසු ඒ සදහා දඩුවම් ලැබීමෙන් පසුවත් සමාජ ඉදිරියේ ඒ පුද්ගලය අපහසුතාවයට පත්වීමට නොදි ඔහුව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සලකන්නට මිනිසුන් පුරුදු වෙනවනම් ඒ පුද්ගලය නැවතත් අපරාධයකට යොමු වීමත ඇති ඉඩකඩ 98% කින් පමණ අඩුකරගන්න අපට පුලුවන්......
ඉතින් යාලුවනේ අපි අද ඉදලවත් හෙමදාම ලෝකේ දිහා බලන විදිහට බලන්නේ නැතුව ටිකක් වෙනස් විදිහට බලන්න පුරුදු වෙමු........
No comments:
Post a Comment