Monday, April 18, 2016

කාගෙදෝ කතාවක්..........

                     
කාගෙදෝ කතාවක්..........


                   මතකද ඒ දවස සැප්තැම්බර් 13 වෙලාව මතක හැටියට 9.55 විතර ඇති මට හොදට මතකයි එදා අපිට හොදටම වහිනව මම ගොඩක් ආස කලා වැස්ස වෙලාවට කාමරේ ජනේලෙ ඇරපුවම කාමරේට එන හිරිකඩ මගේ ඇගේ වැදෙනවට නමුත් මම ආස දේවල් විදින්න දෙවියො ඉඩ දුන්නෙ නැහැ ඇයි කියන්න මම දන්නෙ නැහැ ඉතින් පොඩ්ඩක් ඒ සුන්දර රාත්‍රියට ආපහු අඩ ගහල අහන්නකො රන් ඇයි අපි දෙන්නව මුන ගැස්සුවෙ කියල මමනම් ඇහුව.. එයා කියන්නෙ සන්සාරේ පුරුද්දටලු තව ගොඩක් දේවල් කිවුව එව ඔයාම අහන්නකෝ රන්.. ඇත්තද දන්නෙ නැහැ නේද අපි මුන ගැහුනෙ සන්සාරේ පුරුද්දකටද? රන් නමුත් මට දෙයක් විශ්වාසයි අපි හතර දෙනා අනිවාරෙන් හැම ආත්මෙකම මුන ගැහෙන්න ඇති අපි තුන් දෙනා විතරක් මේ වගේම අඩන්න ඇති .. මේ වගේම හිනා වෙන්න ඇති හිනාවනම් අපිට කදුල තරම් සමීප නැහැ නේද රන් අපි තුන් දෙනාම හැමදාම අඩනව අර හතර වෙනිය නිසා.. ඇත්තටම මට එයා ගැන ලොකු තරහක් තියෙන්නෙ අනුන්ගේ ජීවිත වලට මෙහෙම කරන්න එයාට අයිතියක් නැහැ කොහොම උනත් ඔයා තාමත් හොයන්නෙ එයාගේ ආදරේ නේද වස්තුවේ දුක හිතන්න එපා එයා ආපහු කවදාවත් ඔයාගෙ ජීවිතේට එන්නෙ නැහැ ................
        
             ඇයි ඒක තේරුම් ගන්න බැරි ඔයා ඔය දුවන්නෙ මිරිගුවක් පිටිපස්සෙ රන් තුරුලට වෙලා ඔයාගෙ ආදරේ වින්දට ඔයාගෙ ආදරේ අහන්න තරම් මට වාසනාවක් නැහැ කොහොමත් මන් අවාසනාවන්ත කොල්ලෙක්නෙ මම දුක් වෙන්නෙ නැහැ ඒ දෙවියො මට දීපු දේ මගේ ජීවිතේ ජීවත් කරවපු අවසන් හුස්ම පොදත් ඔයා අයිති කරගත්ත ඔය ලස්සන අහින්සක ඇස් ලස්සන කටහඩ මගේ කරගන්න තරම් මම පින් කරල නැතුව ඇති මම ලස්සන නැතුව ඇති මොන දේ උනත් ඔය කවද හරි මන් ලගට එයි කියල අහින්සක බලාපොරොත්තුවක් මගෙ හිතෙ තියෙනව මට ජීවිතේ තවත් තැවෙන්න බැහැ අඩන්න බැහැ නමුත් මට දුක් විද විද ජීවත් වෙන්න පුලුවන් විශ්වාස කරන්න පුලුවන් අරමුනක් වෙනුවෙන් ඔයා නැතුව මගෙ ජීවිතේ ඉස්සර ගැන හිතන්න බැහැ මගේ ජීවිතයට හිමි අවසන් හුස්මත් ඔයා එද අරන් ඔයාගේ අමිහිරි බොරු කාර ආදරේ ගාවට ගියා එතන දුක් ගන්ගාවක් ගලන බව මම දැන උන්නෙ සත්තකින්ම එදා ඔයා යනකොට මට මුලු ලෝකයක් නැති උනා මට මේ ලෝකෙ එක සැනසුම් සුසුමක් හෙලන්න මගේ හිත මට ඉඩ දුන්නෙ නැහැ ...................

                 මම ජීවිතෙ ගොඩක් විදවල තියෙනව නමුත් එ විදවපු ජීවිතෙන් මිදිල ජීවිතෙ විදින්න මම ඔයාගෙන් ඉගෙන ගත්ත එදා ඉදන් මම ලෝකය දැක්කෙ මෙ සමාජය දැක්කෙ ඔයාගෙ ඇස් දෙකෙන් ඔය ඇස් වෙන කාගෙවත් වෙනව දකින්න ඇත්තටම ලෝබයි මට නමුත් ඔයාගේ සතුට වෙනුවෙන් මම ඔන දෙයක් කරනව ඒ මම ඔයාට ආදරේ නිස වෙන්න ඇති ඔයාගෙ ආදරේ ඉස්සරහ මම පුන්චි පූස් පැටියෙක් වගේ පුරු පුරු ගගා ඉන්නව නෙද රන් කොහොම උනත් මම හිතපු විදියට ඔයා එයා ලගට ගියහම ඔයාගේ දුක් ගන්ගාව ගලන්න පටන් ගත්ත මට දැනුන ඇයි දන්නවද මේක ආත්මීය බැදීමක් නිසා .. ඔයා ගිය දවසෙ ඉදන් මම ඇවිදින මල කදක් වගේ ජීවත් උනේ මොකද හිත ඔයා ගාව ඔයා හිතන්නෙ ඔයා ආදරේ අය ඔයාට ආදරේ නැහැකියලද රන් ඇත්ත වෙන්න ඇති නමුත් මම ඔයාට ආදරෙයි ඔයාට ඒක දැනෙන්නෙ නැත්තෙ ඔයා මට ආදරේ නැති නිසා වෙන්න ඇතිකොහොම උනත් මොනා උනත් මේ පිස්ස ඔය එනකන් බලන් ඉන්නව ජීවිත කාලෙම නාවොත් තනියම ඉන්නව මම දන්නෙ එක දෙයයි මේක ආත්මීය බැදීමක් මට විශ්වාසයි මන් එහෙම කියන්නෙ ඇයි දන්නවද මට මීට කලින් කිසිම කෙනෙක්ව මෙහෙම දැනිල නැහැ ඔයා දැක්ක දවසෙ දැනුනෙ අවුරුදු ගානක් තිස්සෙ අදුරනව වගේ

No comments:

Post a Comment