දෙවියගේ මල්ලි සල්ලිලු
මචං කොහොමද සැප සනීප......
යමුද නිවාඩුවකට
රට වටේ කොහෙහරි...
උබ අපේ බොක්කනේ.......
එහෙම කතා ගොඩක් ඇහුනා
ඒ මීට ගොඩක් ඉස්සර..
අතේ සල්ලි තිබුන කාලේ...
කෑවද?,බිව්වද?
අතේ සල්ලි තියෙනවද?
මචං උබ හොදින් ද
අද අහන්නෑ කවුරුවත්ම
අද අතේ සල්ලි නෑ...
මොනව කරන්නද
දෙවියගේ මල්ලි සල්ලිලු
කවුදෝ කිවුවා මතකයි
කාලෙකට ඉස්සර..........
No comments:
Post a Comment