සැසදීම හෙවත් සිත රිදවාගැනීම..........
"බලන්නකෝ අරයගේ ලස්සන......."
"අර අයිය මාර ස්මාර්ට් අනේ....."
"මගේ එක වැඩක් නෑ අනේ.කිසි ගතියක් නෑ...."
"මම එයාට කැමති නෑ.එයා කළුයි..."
මේ වගේ දාහක කතා අපිට නිතර දෙවේලේ ඇහෙනව නේද.උස,මිටි,කළු,සුදු,ස්මාට්,කැත,ලස්සන,හැන්සම්,දක්‍ෂ,අදක්‍ෂ,දුප්පත්,පෝසත් වගේ ගොඩක් මිනුම් දඩු අපි අපේ හිතෙන් හදාගෙන ජිවිතේ පටලවගන්නව.නැත්නම් හිත රිදවගන්නව.
ඔයාල කොහොමද මේ මැනීම කරන්නේ........ ඔයාල ඒක කරන්නේ තවත් කෙනෙකු හෝ තවත් දෙයක් පදනම් කරගෙන ඒක මූලික කරගෙන තමන් ලග තියෙන,තමන් ලග ඉන්න කෙනාවැඑ දේ එක්ක සංසඳනය කිරීම නේද........අන්න ඔයාට පොඩ්ඩක් හිනා ගියා.. ඒ මම කියපු දේ පිළිගත්ත කියන එක නේද......මම ඔයාට කියපු ඒ සැසදීමෙන් අන්තිමට අපේ හිතට එකතු වෙන්නේ දුකක්,පසුතැවීමක් විතරයි නේද.....
ඇයි අපි දැන දැනම දුකකට වැටෙන්නේ.ඇයි අපි අපි ලග තියෙන දේ ,අපි ලග ඉන්න කෙනා මූලික කරගෙන,ඒ කෙනා හෝ ඒ දේ ගැන අවතක්සේරුවෙන් හිතන්නේ නැතුව ඒ දේට හෝ ඒ කෙනාට නියම වටිනාකමක් දීල හිතන්නේ නැත්තේ.අපි ඒ විදිහට හිතන්න පටන්ගන්නවනම් කවදාවත් අපිට සිමාවක් නැති අවශ්‍යතාවයන් ඇතිවෙන්නේ නෑ.අපි ආදරේ කරන කෙනා වෙනුවට වෙන කෙනෙක් හොයන්න වෙන්නේ නෑ........
මම කියන්නේ බොරුවක්ද කියල ඔයාලත් පොඩ්ඩක් හිතල බලන්නකො එහෙනම්......
No comments:
Post a Comment