"සත්සරයෝ...... උබ ජීවිතේ ගැන ආයිම තිරනයක් ගන්නවනම් දෙපාරක් නෙමේ සිය දහස් වාරයක් හිතපන්...එක පාරක් අමරුවෙන් ගොඩදාගත්ත ජිවිතේ ආයේ අවුල් කරගන්නවට මම කැමති නෑ...."
චතුරයාගෙ ඒ කතාවෙන් මම ගැස්සිල ගියා වගෙ මට දැනුන...... මම එහෙම්මම ඌ දිහාවට හැරිල අමරුවෙන් හිනා වෙන්න අසාර්ථක උත්සාහයක් ගත්ත... ඒ ක තේරුන නිසාද කොහෙද චතුරය මගෙ ඔළුවට පාරක් ගැහුව හෙමිහිට.
"මේ පාර බලාගෙන යමන් බන්.... මරන්නද හදන්නේ..."
"ආ ඇත්තද..... මාස හත අටකට කලින් මැරෙන්න දගලපු එකාට මොකද ජීවත් වෙන්න හිතුනේ ආ.... පිස්සා.."
චතුරය මගෙ දිහා බලල හිනාවෙන ගමන්ම කිවුවා.කාර් එක ගේට්තුවෙන් ඇතුල් කරන කොට තමෛ මම දැක්කේ අපි ගේ ලගටම ඇවිත් කියල.....පරම්පරාගත පොහොසත් අය වුනාට වජිරා ආන්ටි ලගවත් අංකල් ලගවත් කවදාවත් ආඩම්බර කමක් තිබුනෙ නෑ.පිලිවෙලකට මල්,ගස් කොලන් වගා කරපු වන උද්‍යනයක් මැදට වෙන්න තිබුන පුංචි කදු ගැටයක හදල තිබුන දෙමහල් නිවස මට වයස අවුරුදු 12 ඉදල ආරක්‍ෂාව,රැකවරනය දුන්න......හදිසි අනතුරකින මගේ පවුලේ හැමෝම මේ ලෝකේ මාව තනිකරල ගියාට පස්සේ මගේ දුකට සැපට මගේ පවුල වුනේ වජිරා ආන්ටිගෙ පවුල...... වජිරා ආන්ටියි අංකලුයි පහල තට්ටුව එයාලගේ අවශ්‍යතාවයන්ට ඉතුරු කරගෙන උඩ තට්ටුව චතුරයටයි මටයි දීල තිබුනා.
"යකෝ සත්සරයෝ..... අද කාර් එකේද බුදියන්නේ... බැහැපන් බන් හීන බලන්නේ නැතුව..."
චතුරය එයෙම කියනකොටයි මම පියවි සිහියට ආවේ....... මම එහෙම්මම කාර් එකෙන් බැහැල චතුරයත් එක්ක කාමරේට ආවා.
"බඩගිනී සත්සරයෝ..... උබේ මගුල් වලට මුට්ත් අල්ලන්න ගිහින් අපි බඩ ගින්නේ..."
"අඩේ සොරි චතුරයෝ.. යමන් යමන්...කාල ඉමු...."
අපි දෙන්න පහලට එනකොට වජිරා ආන්ටි එහෙම කාල නිදාගන්න ගිහින්.බඩගින්න හොදටම කන්න ආසාවක් දැනුනේ නෑ.. මම ආයෙමත් මොකක් හරි අවුලක පැටලෙන්න හදනවදෝ කියල මට නිකමට හිතුන.....
"ඒ පාර කෑම දියා බාලාගෙන කල්පනා කරනව.... ඒ මදිවට තනියෙම හිනා වෙනව.මොකක්ද බන් වෙල තියෙන්නේ....."
"මොකුත් නෑ චතුරයෝ.. මට තිකක් මහන්සි.. මටත් කෑම එකක් බෙදපන්කෝ....."
"ආ....ආ.. මගෙ එක කාපන්කෝ... මම කෑම එකක් බෙදාගන්නම්......... අර සුරංගනාවියට ආව තේව කරල දෙවියන්වහන්සේට මහන්සිත් ඇතිනේ..."
"අනේ චතුරයෝ.......විහිළු කරන්න එපා බන්..ඒ කෙල්ල පවු........මට ඒකි දැක්ක වේලාවේ ඉදල ලොකු අමුත්තක් දැනුන....."
චතුරයා මගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉදල උගෙ අත මගෙ උරහිස උඩින් තිබ්බ.....
"මචං සත්සරයෝ මමත් කැමති උබ හොද කෙල්ලෙක්ට ආදරේ කරනවට... ඒත් එකක් හොදට මතක තියාගනින්.. උබේ ජිවිතේ පත්තු උන ගින්දර නිමිල ගියේ මේ ලඟකදී... තාම ඒ රස්නිය මට දැනෙනව....පරිස්සමින් වැඩ කරපන්.....උබ තනියෙම ඉන්නවනම් මමත් හැමදාම උබත් එක්ක තනියෙම ජීවත් වෙන්නම්.. දන්නවනේ මේ චතුරයාගේ කතා දෙකක් නෑ..."
එහෙම කියනකොට චතුරයාගේ ඇස් දෙක කදුළු වලින් පිරිල තියෙනව මම දැක්ක.......මම එහෙම්මම චතුරය මගෙ උරහිසට බරකරගත්ත.............