යෝජිත විවාහය
පොතේ අත්සන් කරල
දෑගිලි බැදල
නීතියෙන් ඔයා මගේ වුනාට
මගෙත් ඔයාගෙත්
ශරීර දෙක විතරයි එක ලග
ඔයාගෙ ආදරේ එක තැනක
මගේ ආදරේ තව තැනක
පවුල් දෙක සනසන්න
අපි අපේ ආත්මයම බිලිදීල
ශරීර දෙක විතරක්
හිත නැතුව පැටලිලා
හිනාවෙමු
ලෝකයට පේන්නට
ඉතිං අපි හැමදාම
No comments:
Post a Comment