ඔයා එහෙම කියනකොට ඇත්තටම මට ගොඩක් දුක හිතුන..මේ ලොකේ තවත් කොච්චර නම් අසරණ වුන අය ඇතිද කියල මට හිතුන...
"ඇයි එහෙම කියන්නේ....." මම එහෙම ඇහුව....
"නෑ අයියේ අපේ තාත්තත් හැම වෙලාවෙම ඔහොමයි.මොනා හරි දෙයක් තේරුම් කරල දෙනකොට කතා කරන්නේ දරුවෝ කියල....."
එහෙම කියල ඔයා ආයෙම අඩන්න පටන් ගත්ත...වටේ මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නව මම දැක්ක.....මත කරකියාගන්න දෙයක් නැති වුනා.. කවුරු හරි දන්න කියන කෙනෙක් මේක දැකල ගමේ කියන්න පටන් ගත්තොත් ඉදල ඉවරයි.
"ඔන්න ආයෙම අඩන්න පටන් ගත්ත.. මිනිස්සුත් බලාගෙන ඉන්නව...ප්ලීස් අඩන්න එපා.. නාඩ කියන්නකෝ මොකක්ද කරන්න කරන්න ඕනි කියල...."
"දැන් හුගක් රෑ වේගෙන එනව අයියේ....අම්මටයි මටයි කාත් කවුරුත් නැති මේ ටවුන් එකේ කොහෙ කියල යන්නද?... මත තේරෙන්නේ නෑ අයියේ..."
මමත් කරන්න ඕනි මොකක්ද කියල කල්පනාකලා.කරන්න ඕනි හොදම දේ මට හිතාගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
"හරි මට විනාඩි 5 ක් දෙන්නකෝ..."
මම එහෙම කිව්වාම ඔයා හරි අහිංසක විදිහට මගේ දිහා බලල හිනා වුනා...මම ඉක්මනින්ම මගේ දුරකතන අතට අරගෙන ගෙදරට කෝල් එකක් ගත්ත.... එහා පැත්තෙන් ඇමතුමට සම්බන්ධ වෙන්න ටික වෙලාවක් ගියා..
"හෙලෝ...... වජිරා ආන්ටි... මම සත්සර.... පොඩි හදිස්සියක්... අංකල් ගෙදර ඉන්නව නේද....අංකල් එක්ක කාර් එකේ එන්නකෝ ගැටබේ බෝධිය ලගට.. මම ආවම විස්තරේ කියන්නම්..ප්ලීස්.. ඉක්මනින් හොදේ..."
මම ඇමතුම ඉවර කරල ඔයා දියා බැලුව.. ඔයා පුදුමෙ වගෙ මගේ දියා බලාගෙන ඉන්නව මම දැක්ක...
"මොකෝ මගෙ දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ..."
" නෑ අයියේ... ඔයා හරි පුදුම කෙනෙක්...මම කවුද කියලවත් දන්නේ නැතුව ඔයා මත උදව් කරනව.. කටද අයියේ ඒ කතා කලේ...."
"හම්....... ඒ මම නතර වෙල ඉන්න ගෙදර ආන්ටි.. මම පොඩි කාලේ ඉදලම ඉන්නේ ඒ ගෙදර...."
"එතකොට අයියගේ අම්ම තාත්ත..."
"ඔයාටනම් නැත්තේ තාත්ත විතරයි.. ඒත් මට අම්මයි තාත්තයි දෙන්නම නෑ...මම ඉන්නේ යාළුවෙකුගේ ගෙදර..."
මම එයෙම කියනකොට ඔයාගෙ ඇස් දෙකෙන් කදුලු කැට දෙකක් බිමට වැටුන.
"මමනේ අඩන්න ඕනි.. ඔන්න ඉතින් ඔයා ආයෙම අඩන්න පටන්ගත්ත.. අපි යමු ගැටබේ පන්සල ලගට.. දෙන් වජිරා ආන්ටි එනව ඇති..."
මම එහෙම කියල බිල ගෙවල පුටුවෙන් නැගිට්ත.. ඔයත් හෙමීට මගෙ පස්සෙන් වැටුන.අපි දෙන්න හෙමීට රෝහල් පාර දියේ ගැටබේ පන්සල ලගට ආව.... මුළු පන්සලේම ලස්සනට එක පෙලට පොල්තෙල් පහන් දල්වල..පුදුම පිංබර කමක් දකින හැම වාරේකම මම ගැටබේ පන්සලේ දැක්ක.අදත් ඒ වගේමයි.දල්වපු පොල්තෙල් පහන් වලින් එන සුවද එක්ක එකට මුසුවුන සුවද කූරුවල පුදුමාකාර පිංබර හැගීමක් මගෙ ජීවිතේට එක්කලා.... ඒ පිංබර හැගීමට දැහැන්ගත වුන ඔයා ගැටබේ බෝධියට දිහා බලාගෙන ඉදල ලොකු හුස්මක් පිටකරන ගමන් ගොඩක් සැහැල්ලුවෙන් මගෙ දිහා බලල හිනා වුනා.. හොඩ වෙලාවක් මම මගේ හිතේ හිරකරගෙන ඉදපු ප්‍රශ්ණයක් ඒ වෙලාවේ ඔයාගෙන් ඇහුව..
"ඔයාගෙ නම මොකක්ද...."
"හම්....... මගෙ නම නෙතූ....... අයියේ...."
No comments:
Post a Comment