Friday, May 20, 2016

එකමුතු වෙමු අපි poem


එකමුතු වෙමු අපි




මතකද ඔහෙලට​
මහ මුහුද කලබගෙන​
රළ ගෙඩි ඇදුන 
ඉඩ කඩම් ගේ දොර​
සමතලා කරමින් පොලොවට​
එදා තිබුනද 
දුප්පත් පොහොසත් කම් කුල භේද​
ඔක්කොම හිටියේ එකම කදවුරේ
එකට කෑවේ එක බත් වේල​
ගතවුනේ ටික කාලයයි
ආයෙමත් මතක නෑ කාටවත්ම​
එකම රතු පාට ලේ ගලන්නේ 
හැමෝගෙම ඇග ඇතුලේ
ආයෙත් ඇවිල්ල 
හිතන්න කාලය මිනිසුනේ
මහ වැසි අද වැටිල​
කදු කඩා වැටිල 
ගම් පිටින් වැලලිලා
ගං දිය ගොඩ ගලල​
දහස් ගණනක් අවතැන් වෙලා
අද ඒ හැමෝම​
දුප්පත් පොහොසත් කුල භේද නැතුව​
කන්නෙ එකම බත් වේල​
එකම කදවුර ඇතුලේ
ඇස් ඇරල දැන් වත් 
බලාපල්ලා මිනිසුනේ
අපි හැමෝම එකම මිනිස් පවුලේ

No comments:

Post a Comment