"අනේ අයියේ.... මට කෝල් එකක් ගන්න පුලුවන් වෙයිද......? "
ඔයා එහෙම අහනකොට මට දෙන්න ඕනි උත්තරය මොකක්ද කියල හිතාගන්න බැරි උනා.මනුස්ස කම තියෙන ඕනිම කෙනෙක් එහෙම දෙයක් ඇහුවම දෙන උත්තරය තමයි....
"ඇයි කරදරයක්ද?..... මෙන්න ෆෝන් එක..ආ ගන්න...."
ඒත් ඔයාගෙ ඇස් ඉස්සරහ මගෙත් හිතට ඒ සිතුවිලි ටික සිතට ආවත් ඒ සිතුවිලි වචන කරගන්න මට බැරි උනා.බස් නැවතුමේ හිටියේ ඔයයි මමයි විතරමයි.අනෝරාව එන්න එන්නම වැඩි උනා.අහපු ප්‍රශ්ණයට උත්තරයක් මගෙන් නොලබෙනකොට මගෙ නපුරුකම ඉස්සරහ අසරණ වුනු ඔයාගෙ ඇස් දෙක ඇතුලේ ගුලි ගැහුන පුංචි කදුළු කැට දෙකක් හෙමිහිට බිමට වැටෙනව මම ඒ වෙලේවේ දැක්ක.මගේ මුළු ආත්මෙම පිච්චිල යනව වගේ මට දෙනුනත් ඒ වැරැද්ද නිවරදි කරගන්නවත් වෙලාවක්,අවස්ථාවක් ඔයා මට දුන්නේ නෑ....
"සොරි.... කරදරයක් උනානම් සමාවෙන්න...."
එහෙම කියපු ඔයා බස් නැවතුමෙන් එළියට බැස්ස. කරන්න ඕනි මොකක්ක්ද කියල හිතාගන්න මට තවත් එක මොහොතක් ගතවුනා..ඒ පුංචි කාලයට ඔයා පාර මාරු වෙල පේරාදෙනිය විශ්වවිද්‍යලය පැත්තට වෙස්සෙම යනව මම යාන්තමට වගේ දැක්ක...දෙපාරක් නොහිතපු මම ඒ මහ වැස්සේ ඔයාගෙ පස්සෙන් ආවේ ඇයි කියල අදටත් මට හිතාගන්න බෑ.....
"ෂ්..... ෂ්..... මේ සොරි..... මොකක්ද මගෙන කෙරෙන්න ඕනි....."
මම ඔයාට ටිකක් කිට්ටුවෙල ඇහුව.හෙමීට ඇස් උස්සත මගෙ දිහා බැලූව ඔයාගෙ මුවේ යාන්තමට යිනාවක් ඇදිල තියෙන මම දැක්ක.ඒ හිනාව ඇතුලේ තිබුනේ අසරණ කමක්ද එහෙමත් නැත්නම් ස්තූති කිරීමක්ද කියල මට තේරුනේ නෑ.ඇස් පිල්ලම් ගහන්නේවත් නැතුව මම ඔයාගේ දියා වලාගෙන ඉන්නව කියල දැක්ක ඔයා බොරු අමනාපකමක් මවගෙන මගේ දිහා බැලුව...
"කියන්නකෝ... වෙච්ච වැරැද්දට සමාවෙන.දැන් කියන්න මගෙන් මොකක්ද ඕනි උදව්ව...."
මම ආයෙම ඇහුවේ ඒ වෙලාවේ මගෙ හිතේ ඇතිවුන අපහසුතාවය මග ඇරගන්න..
"කරන්න පුලුවන් ලොකුම උදව්ව තමෛ අයියේ...... ඔය අතේ තියෙන කුඩේ ඉහල ගන්න එක....."
එහෙම කියපු ඔයා මගෙ දියා බලලා ගොඩාක් ලෙඞතු විදිහට හිනා වුනා.............එතකොට තමයි මට මතකයට ආවේ මම කුඩේ අතේ තියාගෙන මහ වැස්සට තෙමෙනව කියල.........
No comments:
Post a Comment