Saturday, May 14, 2016

හොද - නරක​ ( මම කුක්..I cook .. ) poem

හොද - නරක​ ( මම කුක්.. ) 

ටක ටකර -ටකර ටකං
මහ සද්දෙන් එක එක තාලෙට​
නිමක් නැතුව​
හැදෙයි කොත්තු රොටී...
පැටිස්,කට්ලට්,රෝල්ස්...
රයිස්,ආප්ප​...
තවත් කෑම ගොඩාරියක්
තෙල් බේරැන මිටි කෑම​..
කන්න හොද නෑලු
කියනව ලොකු ලොකු මහත්තුරු
මමත් දන්නව හොද නෑ කියල​
ඒත් මොනව කියල කරන්නද​
ජීවත් වෙන්නෙ මුළු පවුලක්ම​
මේ හෝටල් කෙරුවාවෙන්..
දන්න එකම රස්සාව 
කෝකි වැඩේ විතරයිනෙ මම​
ප්‍රෂර්,සීනි ගැන හිතුවොත්
ගෙදර පොඩි පැටව් බඩගින්නේ
ගෙදර ගැන හිතුවාම  
දැන දැනම ලෙඩ හදල​
මම යන්නේ 
හතර මහ අපායෙ

No comments:

Post a Comment