මුළු පරිසරයම අන්ධකාරයෙන් වහගෙන..... අහස අඩන්න ඔන්න මෙන්න වගේ.... අදුරු වළා පට ඉරාගෙන විටින් විට ඇදෙන රිදී රේඛා වලට යාන්තමට අවට පරිසරය පෙනී නොපෙනී යන්නේ මගේ සිතට සරදම් කරනව වගේ... කන් අගුලු වැටෙන තරමට හෙණ හඩ පිපිරුවත් ඒ හඩටවත් සංවේදි නොවෙන තරමට මගෙ හිත හොදටම රිදිල අද. තප්පරෙන් තප්පරේ ගෙවිල කොච්චර වෙලාවක් ගියාද කියල මට මතක නෑ. මම ඒ තරමට අතීතයේ මතක සැමරුම් එක්ක අතරමං වෙලා.කොහේදෝ ඉදල ආපු අකීකරු සුළගත් එක්ක මුහුවුනු වැහි පොද කිසිම අවසරයකින් තොරව විවෘතව තිබුන ජනේලයෙන් මගෙ කාමරයත කඩාගෙන වැදුනෙ හිතාගන්නවත් බැරි විදියට.
අදින් වසර කිහිපයකට ඉස්සර මේ වගේම වැස්ස දවසක ඔයා මට මුලින්ම මුණගැහුණ අද වගේම මට මතකයි.එදත් අද වාගේම හෙණ පුපුරමින් වැටුනත මම මොහොතකටවත් හිතුවෙ නෑ ඒ පිපුරුන අකුණු මගෙ ජීවිතයට වදි කියල.
...........................................................................................................
වැටෙන වැහි බිංදු මගෙ ලඟ තිබුන කුඩයත ඔරොත්තු නොදෙන තරමට සැරවුන නිසා මම නුවර පේරාදෙණිය පාරේ ගලහ හන්දියේ බස් නැවතුම් පොලට ඉක්මනින් ගොඩ වෙල වැස්සට මුවා වුන.වැස්ස තවමත් අරමුණක් නැතුව එක දිගත කඩාගෙන වැටෙනව.අදුර මැද්දෙන් වැහි බිංදු කපාගෙන ඉදල හිටල එයාට මෙහාට ගිය වාහනයක් ඇරුන කොට මුලු පලාතම පුදුමාකාර පාලුවකින් වැහිල තිබුන.
"අයියේ........"
නුහුරු උනත් හිත ඇතුලටම දැනුන කට හඩකින් මම තිගැස්සිල වගේ හැරිල බැලුව.ඇත්තටම ඒ කට හඩේ පුදුමාකාර අහිංසක කමක් ආදරයක් තියෙනව කියල මට නිකමට හිතුන..............
No comments:
Post a Comment