බලන් ඉන්නව මම මගෙ හිතත් එක්ක
තත්පරෙන් තත්පරේ ගෙවිල
දින සති වුනාට
තවම මම
නතර වුන තැනමයි එදා ඉදන්ම
ඔයා එනකම්
ආයේ එන්නේ නෑ ඔයා කවදාවත්ම
දන්නවා හොදටම
ඒත් කොහොමද මම ඒ කතාව
කියල දෙන්නේ මගේ හිතට
ඔයා අන්සතු වුනා කියල
දැනන් උන්නත් හොදටෝම
බලන් ඉන්නව අදත් ඔයා එනකම්
ඉඩ දීල මගෙ හිතට
No comments:
Post a Comment