"හම්.. ඔන්න කුඩේ ඉහලගත්ත........"
මම කුඩේ ඉහලගන්න ගමන් කතාව පටන් ගත්ත.මුණගැහුණු පලවෙනි වතාව වුනාට ගොඩක් හුරු පුරුදු කමක් අපි අතරේ තිබුන කියල මට හිතුන.
"මොකකද මගෙන් වෙන්න ඕනි....."
මම ඇහුව.ඔයා හෙමිහිට මගෙ දිහා බලල හිනාවුනා.
"අයියේ පුලුවන්නම් අපේ ගෙදරට කෝල් එකක් අරන් දෙනවද..? අපෙ අම්ම පේරාදෙණිය හොස්පිටල් එකේ නතර කරල හිටියේ.අද ටිකට් කැපුව.ගෙදර යන්න විදියක් නෑ.. කරන්න ඕනි මොනවද කියල මට හිතාගන්න බෑ...."
ඔයා ගිරවෙක් වගේ කියවගෙන ගියා.මමත් වෙස්සෙම ඔයාස් දියා බලාගෙන හිටිය.
"ඕයි මැරෙන්නද හදන්නේ.... චීත්තයක් දැක්කම මෙලෝ සිහියක් නෑ.ඉන්න තැනක් මතක නෑ නේද.."
පාරේ යන ත්‍රිවිලර් එකක මනුස්සයෙක් බැනගෙන යනකොටයි මට මතකයට ආවේ මම ඉන්නේ මහ පාර මැද කියල.මම ඉක්මනින්ම පාරේ අයිනකට වුනා.ඔයා අතින් කට වහගෙන හිනා වුනා.මම ඔයා දියා රවල බැලුව.
"සොරි....... තරහ නැතුව කෝල් එකක්..."
"ඇයි තනියෙම ආවේ..... අනික මේ හවස් වෙල ,අනික වෙස්සේ,ගෙදර අයටා මොලයක් නැද්ද මේ වගෙ කාලෙක ගෑණු ලමයෙක් තනියෙම එවන්න....."
මම එහෙම කියන ගමන් ඔයාට මගේ දුරකතනය දුන්න.එතකොටයි මම දැක්කේ ඔයාගෙ ඇස් වල කදුළු එළියට පනින්න දගලනව.
"මේ ලෝකේ මට කියල ඉන්නේ මගෙ අම්ම විතරයි අයියේ.අපි ඉන්නේ මේ ලගක නෙමෙයි...වලපනේ... ට්වුන් එකෙනුත් ගොඩක් ඇතුලට යන්න ඕනි.ප්ලීස් අයියේ..... මම දැක්ක වෙලාවෙම තේරුම් ගත්ත ඔයා හොද කෙනෙක් කියල.... ප්ලීස් මට උදවු කරන්නකො......."
ඔයා ඇස් දෙකේ කදුළු පුරෝගෙන එක දිගට කියාගෙන ගියා..........
No comments:
Post a Comment