Friday, May 6, 2016

තනිකම​ Loneliness (poem)

තනිකම​

කඩා හැලෙන වැහි බිදු...
අකීකරු සුළග හා එක්ව​..
අනවසරයෙන් 
ඇතුලු වී කාමරයට​
තෙමයි මා ගත​
එහෙත්........
සිතක් නැත මා හට​
මිදෙන්නට වැහි පොදින්...
නුබ ලග නොමැති
පාළු මහ රෑ
නෙත තෙමන කදුලු කැට​
වැටෙන්නට නොදී
මහ පොලවට​
සිප ගත්තේ නුබම විතරයි
සීතලම සීතල පිණි පොද.............

No comments:

Post a Comment