Friday, May 6, 2016

වැල යන අතට මැස්ස ගහමුද​....... (New comments)

වැල යන අතට මැස්ස ගහමුද​.......



                  ඇත්තටම ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ.... මම කිවුවේ වැල යන අතට මැස්ස ගහන එක ගැන​.....මේකනේ යාළුවනේ....වැලක් දළු කොල දාගෙන ටිකෙන් ටික ඇදිල යනකොට ඒකට ආධාරකයක් ඕනිවෙනව ඉහලට යන්න​.ඒකනේ ඇත්ත කතාව​..... සමහරු උත්සාහ කරනව තමන්ට ඕනි තැනක මැස්ස ගහල ඒ පැත්තට වැල යවන්න උත්සාහ කරනව​.ඒකෙන් වෙන්නේ වැලේ වර්ධනය අඩාල වෙන එක​.වැල කනාටු වෙන එක​.....

                    ඕක අපි අපේ ජීවිතේට ආදේශ කරල බලමු පොඩ්ඩක්........ ගොඩක් ගෙවල් වල දෙමව්පියෝ දරුවන් දෙමව්පින්  කැමති  අංශවලට යොමු කරනව මිසක් දරුවන් කැමති  අංශවලට යොමු කරන්න උත්සාහ කරන්නේ නෑ.. ඒකෙන් වෙන්නෙ දරුවගේ වර්ධන අඩාල වෙනව වගේම අනාගතයේ රැකියා අවස්ථාවකට යොමුවීමකදි දරුවා සමාජය ඉදිරියේදි අසරණ වෙනව​....... 

                     අපිට මෙහෙම දෙයක් කරන්න පුලුවන් නේද​...... පොඩි කාලෙදිම දරුවගේ රුචි අරුචි කම් තේරුම් අරගෙන දරුවා කැමති අංශයකට යොමු කිරිමෙන් අනාගතයේදී දරුවා සමාජය ඉදිරියේ අසරණ වෙන එක වලක්වන්න පුලුවන්.චිත්‍ර අදින්න පුලුවන් එහෙමත් නැත්නම් ලිවීමේ හැකියාව තියෙන දරුවෙක් කාර්මික අංශය යොමු කලොත් සිද්දවෙන දේ ඔයාලට හිතාගන්න පුලුවන් නේද​................මම හරි නේද​.

No comments:

Post a Comment