Wednesday, May 11, 2016

අහස මම​ ​ Im sky (poem )

අහස මම​


වැස්ස​.... වැස්ස​.... වැස්ස​...
උදේ ඉදල රෑ වෙනකම්ම​
මේ කාළකන්ණි අහස​
එපා කරවනව ජීවිතයම​..............
අපෝ දැන් ඉන්න බෑ
අව්ව සැර හොදටෝම​
පිච්චෙනව මුළු ඇඟම​
මොන කරුමයක්ද මේ පෑවිල්ල​...
කොහොම සනසන්නටද මන්ද
මනු ලෝකේ මනු සත්තු
මොන දේ කෙරුවත්
දන්නේ දෙස් දෙන්න විතරද​
වැදූ මවටත් ඔහොමලු
හොදක් කවදාවත්ම නෑ
ඇයිල තියෙනව මට​
ඒ හින්ද තව ඉවසනව මම​

No comments:

Post a Comment