Thursday, May 5, 2016

නෙල්ලිගල ජාතියන්තර බෞද්ධ මධයස්ථානය (​Nelligala International Buddhist Center)

උපුටා ගැනීම​:http://ipsguide.com/7267/nelligala-international-buddhist-center/

නෙල්ලිගල ජාතියන්තර බෞද්ධ මධයස්ථානය​




            නෙල්ලිගල ජාත්‍යන්තර ‍බෞද්ධ මධ්‍යස්ථානය දසබලධාරී අංගීරස ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම සම්මා සම්බුදු රජුන් පන්සාලිස් වසක් පුරා සියළු දෙවි මිනිසුන්ට යහපත පිණිස කෝටියක් සක්වල ශ්‍රී අඥාව පතුරුවමින් දේශනාකොට වදාල සුවාසූ දහසක් ශ්‍රී සද්ධර්මයේ පහසලද පරම පූජනීය උතුම්වූ වාමා දළදා හාමුදුරුවන් වැඩසිටින ‍සෙංකඩගල පුරවරයට නුදුරු නොලං ඓතිහාසික කොබ්බෑකඩුව ග්‍රාමයේ පිහිටි රමණීය භූමියකි, ඓතිහාසික නෙල්ලිගල පර්වතය. මෙම පර්වත මස්තකයෙහි ඓතිහාසික යටිහලගල රජමහා විහාරයේ ආශිර්වාදයෙන් පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හමියන් විසින් ශ්‍රී සද්ධර්මය ලෝ සත වෙත අතැබූලක් සේ බෙදාදීමේ පවිත්‍ර චේතනාවෙන් ආරම්භ කල නව බෞද්ධ මධ්‍යස්ථානයකි.


          නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පසෙකින් දළදා මැදුරත් අනෙක් පසින් ගෞතම බුදුරදුන්ගේ පා පහස ලද සිරිපා පද්මයටත් මැදිව පිහිටි මෙම සුන්දර භූමිය මධ්‍යම පළාත නම් වූ මවගේ හද මඩල මෙන් සුන්දරව විරාජමානව පිහිටා ඇත. අලගල්ල, හන්තාන, හුන්නස්ගිරිය, බතලේගල, ඇටිපල ආදී පර්වත රාජයෝ මෙම සුන්දර පර්වතයට ආරක්ෂාව සලසන මෙන් අවට පිහිටා ඇත. මෙම පර්වතයේ අභිනවයෙන් අදිවන අසිරිමත් මහ සෑ රජුන් මුළු කදු රටටම අභිමානයක් කැන්දන නිර්මාණයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 700ක් ඉහලින් හා මහනුවර නගරයට කිලෝමීටර් 11ක් දුරින් හා පේරාදෙණිය නගරයට කිලෝමීටර් 7ක් දුරින් පිහිටි මෙම රම්‍ය පුදබිම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විචිත්‍රය පාරිශුද්ධය.

No comments:

Post a Comment