Thursday, May 19, 2016

එයාලට එහෙමයි - අපිට මෙහෙමයි poem

එයාලට එහෙමයි - අපිට මෙහෙමයි

ඔන්න පටන් ගත්ත ආයිමත්
චුරු චුරු ගගා වැස්ස​
කොච්චර පෑයියත් කමක් නෑ කියල හිතෙනව​
වෙලාවකට​
ආණ්ඩුවේ ලොකු රස්සා කරන​
ලොකු ලොකු මහත්තුරු කාටත්
හොදයි මේ වැස්ස​
දවස් හය හතකින් කුලියක් නෑ
කරගත්තේ නෑ මම​
පුංචි උන් ඔක්කොම හාමතේ
මගෙ උන්ද අඩනව​
වාවගන්න බැරුව දැකල බොල​
හෙටවත් ඉර දෙයියො දැක්කොත් උදේට
අම්මප මම හිනා වෙනව ඇහෙන්න​
මුළු ගං තුලානටම​

No comments:

Post a Comment