නාය ගිය ජීවිත
නිමක් නැතිව
ඇදහැලි මහ වරුසාව
රුදුරු ලෙස
ඉරි තලා මහ කදු
රූරා වැටි පස් කදු
රුදුරු ලෙස
බිලිගත්තේ කිම අහිංසක ජීවිත
දරුවන්ට අහිමිව මව් පියන්
තනිවී නෑ සිය මිතුරන්
කුමන ශාපයක්ද?
අනාතවූ
දනන්ගේ නෙතින් ගිලිහෙන
කදුලු බිදු
වැටී බොර පාට මඩ වතුරේ
සැගවේවි ටික දවසකින්
එහෙත් නිවේවිද
ඒ සිත් තුල නැගුනු ගිණි
No comments:
Post a Comment