මුළු නුවර අහසම අදුරුයි
අදත් අඬන්නට වාගෙමයි
ලග උන්න නුබ නැතිව
ඉකිගසන මගෙ සිත වගෙයි
පටලවාගෙන ජීවිතය
ඉබාගාතේ සිත දුවපු
අදුරු ගිම්හාන කාලය නිමාවී
වසන්තය උදාවූවා පමණයි
නුබ ඇවිත් ජීවිතයට
කිති කවා ආත්මයම
තිබුන සතුටත් අරන්
ගියා යන්නට
මටත් නොකියාම
එන්නේ නැතිවද
කවමදාවත් මගේ හිතට
ඒත් මම
ඉන්නවා මග බලන්
නුබ එනකම් මා සොයන්........
"මම හිනාවෙන්න හැදුව විතරයි නෙතූ.... සමාජෙන් බැට කාල,ජිවිතය පටලවගෙන සන්තකේටම තිබුන හැමදේම නැති කරගෙන පිස්සෙක් වෙල ඉදපු මම ජීවිතය ආයෙම වතාවක් හදාගත්තේ අමාරුවෙන්....යන්තමින් හිනාවෙන්න හදනකොටම කොහේදෝ ඉදන් ඔයා මගෙ ජීවිතයට ඇවිත් ආයෙම මාව ඇඩෙවුවේ ඇයි නෙතූ......"|
No comments:
Post a Comment