Wednesday, May 11, 2016

කසල ශෝධක​ The scavenging ( poem )

කසල ශෝධක​


මුහුණ හකුලුවා ගන්නෙ ඇයි
උදේම​.....
දකින විට මම​
පිළිකුල් කරන්න​
හේතුවක් නැතිව​
ජඩ වැඩක්,වංචාවක්
කරලා නෑ මම කිසි දිනක​
දවසේ පඩියට​
වැඩ කලත් මම
සැමට සෙත සලසනව නේද​?.......
පුංචි පුතු හැමදාම​
එකම කලිසම ඇදගෙන​
ඉන්නේ නැති බැරි කම හිඳ​
එහෙම ආවට ඌට​
අපහාස කලේ මන්ද?....
අඩන්නට ඕන වුනත් මට​
අඩන්නෑ මම කවදාවත්ම​
මම නිසයි ඔහෙල ඔය​
හිනාවෙල ඉන්නේ අද​.........

No comments:

Post a Comment