Sunday, May 1, 2016

නුබ නොවේ මගෙ පෙම්වතිය​ ( poem )

නුබ නොවේ මගෙ පෙම්වතිය​


මගුල් බෙර​,ජය සක් හඩ මැද​
මගුල් පෝරුව මත​
දෑගිලි බැද​
අත පැන් වත් කර​....
චාරිත්‍රානුකූලව එක් කර​
ඇය මා ලගින් තැබුවත් 
මම සෙවූ ලෝකය නුබ නොවේ..........
අම්මගේ හිත සනසන්නට​
පරම්පරාව රැකගන්නට​
ලෝක සම්මතයට හිස නමන්නට​
නුබත් සමග 
එක වහලක් යට ජීවත් වුනත්
මා පැතු ලෝකය මෙය නොවේ......
ජිවත්වෙන්නේ 
මගෙ සල්ලි වලින්
කන්නේ බොන්නේ 
මගෙ අත් දෙකෙන්
ඇවිදින්නේ 
මගෙම කකුල් වලින්
හිතන්නේ
මගෙ ගිතින් නම් 
ඇයි බලකරන්නෙ මට​
සිත නැති තැනක නතර වෙන්නට​

No comments:

Post a Comment