Saturday, May 28, 2016

හිතට දැනෙන ගී Emotional songs 05

ගහක මල් පිපිලා

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්

සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේුමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්

පද රචනය -    යමුනා මාලනී පෙරේරා
සංගීතය     -   ගුණදාස කපුගේ
ගායනය     -     කරුනාරත්න දිවුල්ගනේ

No comments:

Post a Comment