Monday, May 16, 2016

නෙතූ........ (සිව්වන​ මතකය ) 04 STORY




"ඔන්න ඉතිං.... ප්ලීස් අඩන්න එපා.. බලගෙන ඉන්න මිනිස්සු හිතයි මෙතන වෙන ප්‍රශ්ණයක් කියල​.... හම්.. මේකෙන් ගන්න කෝල් එකක්..."

මම එහෙම කියන ගමන් ඔයාට මගෙ දුරකතනය දුන්න​... ඔයාගෙ බැල්මේ තිබුනේ ගොඩක් අහිංසක ස්තූතිකිරීමක්.. ඔගෙ පුංචි ඇගිලි තුඩුවලින් ඉක්මනින් ඉක්මනින් දුරකථන ඇමතුම අරගෙන සම්බන්ද වෙනකම් හිටිය​.ඒ වෙලාවෙ තමයි මම දැක්කේ ඔයා වැහි සීතලට වෙව්ලනව​...ඔයා ඇමතුම අරගෙන ඉවරවෙල මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදල එක සැරේටම බිම බලාගෙන අඩන්න පටන් ගත්ත​.....


"ඇයි දරුවෝ මේ අඩන්නේ..."


මම ගොඩක් ලෙන්ගතු විදිහට ඔයාගෙන් ඇහුව​. ඔයා හෙමිහිට ඇස් දෙක උස්සල මගෙ දිහා බැලුව​.


"අයියේ...... ගෙදර කවුරුත් නෑ වගෙ.....ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නෑනේ....."


ඔයා ඇඩුම් බරව කතා කරපු විදියට මගෙ මුළු ආත්මෙම පිච්චිල යනව වගේ දැනුන​..කරන්න ඕනි මොකක්ද​,කියන්න ඕනි මොනවද කියල මත හිතාගන්න ටික වෙලාවක් ගියා..


"දැන් ඉන්නේ ඔයයි අම්මයි විතරයි කිවුව නේද​.. එතකොට කවුද ගෙදර ඉන්නේ...." 

මම හෙමිහිට ඔයාගෙන් ඇහුව​.. ඒත් එක්කම මුළු පලාතම දෙදරවමින් කකුණක් පුපුරා ගියා..ඔයා බය වුන පුංචි හා පැටියෙක් වගෙ හැංගෙන්න තැනක් ඇස් දෙකෙන් හොයනකොට තමයි මට මතක් උනේ අපි දෙන්න තවම මහෙ වැස්සේ පාරට වෙල ඉන්නව කියල​.....


"අපි යමු හොස්පිටල් එකේ කැන්ටින් එකට​,, එතනට ගිහින් කතා කරමු..."


ඕනි තරම් හොද පුංචි පුංචි හෝටල් ඕනි තරම් පාර දිගට තිබුනත් මට ඔයව එහෙම අනාරක්‍ෂිත කරන්න ඕනි කමක් කොහෙත්ම තිබුනේ නෑ.. මම හෙමිහිට රෝහල් ආපන ශාලාව පැත්තට ඇදුන​.. තාත්ත පිටිපස්සේ ඇදෙන පුංචි එකෙක් වගේ ඔයා මගෙ පස්සෙන් ඇදුන​.. මේ වෙන්නේ මොකක්ද කියල මටවත් හිතාගන්න බැරි තත්වෙක මම හිටියේ.ජීවිතේ මුහුණ දුන්න සමහර හැල හැප්පීම් නිසා අහබෙන්වත් තෙත් නොවුන මගෙ හිත මේ තරමට ඔයා ලගදි තෙත්වුනේ කොහොමද කියල හිත හිතම මම ආපන ශාලාවට ඇතුලු වෙල කොනේම තිබුන පුටුවකට බර වුනා... සීතලේ ගැහි ගැහි ඔයා මගේ දියා බලාගෙන කතාව පටන්ගන තැනක් හොයමින් හිටිය​.


"මල්ලි.. අපිට කෝපි දෙකක් ගේන්න​........" 


මම වේටර්කෙනෙකුට කියන ගමන් ඔයාගෙ පත්තට හැරුන​...


"ඉතිං කියන්නකෝ..." මමම කතාව පටන් ගත්ත​


"අපේ අම්මගෙ හොදම යාලුවෙක් අපෙ තනියට ගෙදර ඉන්නව අයියේ.... ඒ ඇන්ටි හරිම හොදයි.. එයා බැදලත් නෑ.. දැන් අවුරුදු ගානක් අපිත් එක්ක ඉන්නේ..එය අද යන්න ඇති ගේවල් ලග පන්සට​... මේ දවස් ටිකේම එයා බෝධි පූජා තියෙනව​...."


කොහොම වුනත් ඔයා කතාවට දක්‍ෂයි කියන එකනම් මම මේ ටික වෙලාවට හොදටම තේරුම් ගත්ත​.....


"හරි දරුවෝ.... දැන් මගෙන් මොකක්ද කෙරෙන්න ඕනි කියල කියන්නකෝ..."


මම ඔයාගෙන් එහෙම අහනකොට ඔයාගෙ පුංචි ඇස්දෙකට ආයිමත් කදුලු කැට දෙකක් එනව මම දැක්ක​....


" ඔයත් අපේ තාත්ත වගේ අයියේ..."

No comments:

Post a Comment