විනාඩි දෙක තුනක නිහඩියාවක් අපි අතර තියෙන්න ඇති.ඔයා මගේ දියා බලල හෙමිහිට හිනා වුනා..ජීවිතේ සිද්ධ වෙන්නේ මහ පුදුමාකාර දේවල්..වජිරා ආන්ටිට හොරෙන් ටවුන් එකට ඇවිත් චූටියට වගේ බියර් එකක් බීල කොත්තුවක් කාල යන්න කියල ආව මම අද නන්නාදුනන ඔයාත් එක්ක ගටබේ බෝධිය ගාව.... අනන්තවත් සමාජයෙන් බැට කාල මැරෙණකම් කාටවත් උදවු කරන්නේ නෑ කියල හිතාගෙන මගේ පඩුවේ ජීවත් උන මම අද ඔයාගේ ලග ඒ හැම දේම අමතක කරල උද්වු කරන්න බලාගෙන ඉන්නව..චතුරය ඒ කියන්නේ වජිරා ආන්ටිගේ පුතා මගේ ජීවිතේ දුකට සැපට.. හොදට නරකට හැමදේකටම ඉන්න මගේ යාලුව සති දෙකක සිංගප්පූරුවේ ටුවර් එකක් ගිය එකෙන් මම මේ ලෝකේ තට්ට තනි වුනා වගේ දැනුනා.ලේ බැදීමකට වඩා ඒ ගෙදරින් මට ගොඩක් දේවල් ලැබුනා.
"මොනවද අයියේ කල්පනා කරන්නේ... මාව වදයක් වුනා නේද?"
ඔයා එහෙම අහනකොටයි මම පියවි සිහියට ආවේ.
"පිස්සුද නෙතූ... මම මේ වෙන කල්පනාවක හිටියේ.."
"ආ.... ආ... ගර්ල් ගැන නේද කල්පනා කලේ......"
"අනේ නෑ නෙතූ... මත එහෙම කෙනෙක් නෑ.. ඉස්සරනම් හිටීය.. ඒත් දැන් නෑ.......මට එහෙම නීති වලින් බැදිල හිර කාරයෙක් වගේ ජීවත් වෙන්න බෑ.."
මම එහෙම කියන කොට ඔයා මගෙ දියා හිටීයේ මොන හැගීමකිඳ කියල මට හිතා ගන්න බැරි වුනා..හිතා ගන්න වෙලාවක් තිබුනෙත් නෑ... වජිරා ආන්ටීලාගේ කාර් එක මගෙ කකුල් දෙක ලගම නැවැත්තුව........
"මොකද පුතේ කලබලේ..."
ආන්ටි එහෙම අහනකොටම වාහනේ ඉස්සරහ දොර ඇරුන.. මම දැක්ක දෙයින් මට ඇති වුන සතුට දරාගන්න බැරි තරම්..
"අඩෝ..... අඩෝ..... කොහෙන්ද කෙල්ලෙක් උස්සන් ආවේ ආ.......උඹ මම රටින් යනකම් ඉදල කෙල්ලෙකුත් සෙට් කරගෙන දෙන් ඒකිව ගෙදර ගෙනියන්න අපිට කතා කරන...."
"පිස්සුද බන්.. මේ නංගිට පොදි කරදරයක්..... උබ ආපු එකත් හොදයි.. මම මාර පාලුවෙන් හිටියේ..."
එහෙම කිනකොටම මටවත් නොදැනිම මගෙ ඇස් දෙක කදුලු වලින් තෙත් වුනා.. චතුරය මහ පාර මැදම මාව බදාගත්ත.....
"මගෙ අම්මට පස්සේ මගෙ ජීවිතේ වටිනම කෙන උබ සත්සරයෝ...."
"යකෝ අංකල්ට ඇහුනොත් දුක හිතෙයි බන්..."
"ඔන්න ඉතින් උබ තාම පරන විදිහටමනේ හිතන්නේ... අම්මයි තාත්තයි දෙන්න සමුහ වියාපාරක්නේ බන්..අම්ම තම අයිති කාරය.."
"මේ ළමයි... දැන් මෙතෙන්ට ආවේ දෙන්නගේ ආදරේ ලෝකෙට පෙන්නන්නද ආ... මේ දරුවට උදවු කරන්නේ කවුද...."
වජිරා ආන්ටි එහෙම කියනකොට තමයි මට මතක් වුනේ නෙතූ ගෙන.... මම ඉක්මනින්ම චතුරයාට කතාකලා....
"මචං චතුරයෝ.. මේ නංගිවයි එයාගෙ අම්මවයි එයාලගෙ ගෙදරට ඇරෙඅලවන්න ඕනි බන්"
"හරි ඉතින් මම බාඑ කිවුවේ නේනෑ.. කොහෙටද යන්න ඕනි..."
"වලපනේට බන්..උබට කරදරයක් නැත්නම් පොඩ්ඩකට ගිහින් එමුද..."
"මේ සත්සරයෝ.. උබ මගෙන් කුණුහරප අහගන්න එපා.... මම කවදද යකෝ හොද හරි නරක හරි උබ කියපු දෙයක් බෑ කිව්වේ.."
"සොරි චතුරයෝ මම දන්නව බන් ඒක.. අපි යමුද...?"
මම එහෙම කියනකොට චතුරය ගොඩක් ලෙන්ගතු විදියට හිනා වෙල මගෙ පිටට තට්තුවක් දාල කාර් එකට නැග්ග... මමත ඌ එක්කම කාර් එක ඉස්සරහින් නැග්ගා..... ඒ වෙනකොට නෙතූ එයාගෙ අම්මවත් අපි හිටපු තැනත එක්කරගෙන ඇවිත් තිබුන.. වජිරා ආන්ටී එයාල දෙන්නව ගොඩක් සුහද විදිහට පිලි අරගෙන කාර් එකට නග්ගගෙන නෙතූව එහාගෙ ලගින් වාඩිකරගෙන මග දිගට විස්තර විස්තර අහනම මම දැක්කචතුරයයි මමයි ආගිය තොරතුරු කතාකර කර දන්නෙම නැතුව අධිකාරිගමත් පහු කරල හෙමිහිට වලපනේ ට්වුන් එකට ලන් වුනා.අපි අතරේ තිබුන නිහඩියාව බිදිමින් චතුරය කතාව පටන් ගත්ත..
"නංගි කොහොමද අපේ මේ තාපසය අදුනන්නේ..."
ඔයා යාන්තමින් හිනා වෙනව මම වාහනේ සයිඩ් කන්නාඩියෙන් දැක්ක.
"අද තමයි දැක්කෙත් චතුරයියේ... මට කරන්න ඕනි මොකක්ද කියල හිතාගන්න බැරුව ඉදපු වෙලාවේ මේ අයියව හම්බවුනේ...."
"මාරයි ආ... මේ මිනිහ පාරේ වෙටිල ඉන්න සතෙකුටවත් උදවු කරන එකෙක් නෙමේ නංගි..... ඒ තරමට සමාජයෙන් බැටකාල කල කිරිල ඉන්නේ මේකා... ඇති ඔයාටවත් උදවු කරන්න හිතුන....... කතාවෙන් කතාවෙන් මටා අහන්න බැරි වුනානේ... තව දුරද ...."
"තව ටිකයි චතුරයියේ.... ඔය ඉස්සරහ ගඳියෙන් වමට හරවන්න... එතන තුන්වෙනි ගෙදර..."
තවත් මිනිත්තු දෙක තුනකින් අපි නෙතූ ලගේ ගෙදරට ආව.මහ ලොකු මාලිගාවක් නොවුනට ලස්සනට පිලිවෙලට තනි තට්ටුවට හදපු ගෙදරක්.මුළු මිදුල පුරාම එක එක ජාතියේ මල් වගා කරල අලංකාර කරල තිබුන...
නෙතූ එයාගේ අම්මත් එක්ක කාර් එකෙන් බැස්ස..ඒ එක්කම ගේ ඇතුලේ ඉදගෙන එලියට දුවගෙන ආව ගැහැණු කනෙක් නෙතූගේ අමව වත්තම් කරගෙන ගෙට එක්කරගෙන ගියා.නෙතූ අපි තුන්දෙනා දිහා අහිංසක විදිහට බලල හිනා වුනා...
"අයියලා තේ ටිකක් බීලම යමු..."
"අනේ බෑ නෙතූ.. දැන් ගොඩක් රෑ වෙලානේ.චතුරයට මහන්සිත් ඇති...."
"අනේ ඔව් දුව.....අපි පස්සෙ වෙලාවක එන්නම්කෝ.හොදද...... ඔයාගේ නම්බර් එක ලියල දෙන්නකෝ..අපිට විස්තර දැනගනවත්......"
වජිරා ආන්ටි එහෙම කිවුවම ඔයා ගේ ඇතුලට ගිහින් පුංචි කොල කෑල්ලක ඔයාගේ නම්බර් එක ලියල මගෙ අතට ගෙනල්ල දුන්න.... ඒක දැකපු චතුරය ඇහෙක් ගහල මගෙ දියා බලල හිනා වුනා. නෙතූලගේ ගෙදරින් එන්න පිටත් වුනත් මගෙ හිත තාම එතන නතර වෙලා වහේ මට දැනුනේ....... මගේ ඒ වෙනස චතුරයාට වගේම වජිරා ආන්ටිටත් දැනිල කියල මට යන්තනට තේරුනා.... නුවර වැව රවුම පහුකරගෙන KKC එක පිටි පස්සෙන් අළුත් පාරට කාර් එක දාන ගමන් මගෙ දිහා බලල කට කොනකින් හිනාවුන චතුරය කතාව පටන්ගත්ත.
"සත්සරයෝ...."
"කියපන් බන්... මොකෝ... අවුලක්ද?.."
"හම්ම්ම්.."
"මොකක්ද චතුරයෝ බස්සෙක් වගේ නැතුව උත්තර දීපන්කෝ"
"නෑ බන් දෙයක් කියන්න උබ අවුල් ගන්නවද මාත් එක්ක"
"මේ චතුරයෝ... උබ හොදටම දන්නව පිස්සෙක් වෙල ඉදපු මම ජිවත් කලේ උබේ යාලුකම.. මම උබත් එක්ක අවුල් ගනී කියල කොහොමද හිතුවේ අා..."
"හ්ම් හම්...හරි එහෙනම් මේ අහපන්කෝ....."
"හරි හරි... මම අහගෙන ඉන්නම් ස්වාමීනී..."
"සත්සරයෝ...... උබ ජීවිතේ ගැන ආයිම තිරනයක් ගන්නවනම් දෙපාරක් නෙමේ සිය දහස් වාරයක් හිතපන්...එක පාරක් අමරුවෙන් ගොඩදාගත්ත ජිවිතේ ආයේ අවුල් කරගන්නවට මම කැමති නෑ...."
No comments:
Post a Comment