Friday, May 13, 2016

කොන්දොස්තර​ Conductor ( poem )

කොන්දොස්තර​


උදේ,දවල් සවස​
දවසට හත් අට වතාවක්
රත්වුන කාපට් පාරේ
එහෙට මෙහෙට​
සිය දහස් ගණනක්
පරිස්සමට එක්කරගෙන ගියත්
හොදක් නෑ කවදාවත්
ගැටබේ බෝධිය පහුවෙනකොට​
දාල පඩුරක් හැකි පමණ​
සෙත් පැතුවෙ හැමෝටම​
සමහර දවස් වලට අසරණ කමට​
නැති උනාම මාරු කාසි
රුපියලකට දෙකකට​
ඇයි බනින්නේ අපේ අම්මට​
සැපක් කියන දෙයක් නෑ
කෑමක් නෑ වෙලාවට
අපිත් මේ දඟලන්නේ 
ජීවිතය ගැටගහගන්න​

No comments:

Post a Comment