Monday, May 30, 2016

හිතට දැනෙන ගී Emotional songs 07


පෙර දිනයක මා පෙම් කල යුවතිය

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

පද රචනය -  පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව 
සංගීතය     -  සුනිල් සරත් පෙරේරා 
ගායනය     -  පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව

No comments:

Post a Comment