Friday, May 13, 2016

පසු තැවීම​ Repent

පසු තැවීම​

                           ඉතිං යාළුවනේ ජිවිතය ටිකක් විතර අමාරුයි නේද​? හැමෝම නොසන්සුන්. නෑ.. නෑ... මම මේ දේශපාලන කතාවක් කියන්න යනව නෙමේ.මම මේ කියන්නේ අපේ ජිවිතේ මුහුණ දෙන විවිධ ගැටළු ගැන​.එදිනෙදා මුහුණ දෙන සමාජ​,ආර්ථික ගැටළු වලට කොහොම හරි විසදුමක් හොයාගත්ත කියල හිතමුකෝ....... ඒත් ඒත් අපි අපේ අතිතයේ කරපු වැරදි ගැන නැවත නැවතත් මතක් කරල ඇති කරගන්න පීඩනය ,පීඩාව මෙතෙකැයි කියන්න බාඑ නේද​?....... ප්‍රේම සබදතා,ආර්ථික කඩාවැටීම්,නැති නාස්ති කිරීම්,වැරදි වැඩ වගේ ගොඩක් දේවල් අපි හැමෝගෙම අතීතයේ තියෙනව​.


                            අතීතයේ සිද්ධ වුණ දේවල් සිද්ධ වෙල ඉවරයි.අතීතය කියන්නේ ගෙවිල ඉවර වුන කාලයට​.ඉතිං අපිට පුලුවන් ද අතීතයට ගිහිල්ල සිද්ධ වුන දේවල් නිවරදි කරන්න​. බෑ නේද​......... එහෙනම් ඇයි අපි ඒ දේවල් ගැන හිතල දුක් වෙන්නේ.වැරදුන අතීතය පාඩමක් කරගෙන ආයේ ඒ දේවල් නොවෙන්න වගබලාගන්න එක නේද හොදම දේ...........

No comments:

Post a Comment