Wednesday, May 11, 2016

ජාතකය​ Descending (poem )

ජාතකය​

අවජාතකලු මම​
අප්පෙක් නැති එකාලු මම​
මගෙ අම්ම හොද නැතිලු
ඔය කතා අහල එපාවෙල දැන්
අප්පෙක් නැති බව 
මම දන්නව හොදටම​
එහෙමයි කියල මගෙ අම්ම වැරදිද​....
අවජාක වුනාට මම​
වැරදි මගෙ අම්ම විතරද​?
මම දීල ඇගෙ කුසට​
ගිය කෙනා නිවරදිද​?
වරදෙ නොබැදෙන ගෑණු කවුරුද​
එහෙම ඇහුවට ලෝකයම​
මම දන්නවා හොදට​
හොද පිරිමි නෑ හැම තැනම​.........

No comments:

Post a Comment