Sunday, May 8, 2016

අම්මා(අද ලෝක මව්වරුන් ගේ දිනය​ mothers(today's World Day of mothers)


අම්මා(අද ලෝක මව්වරුන් ගේ දිනය​)



                අපි හින වෙනකොට ඇත හිනා වෙන්න ඇති.අපි ලෝකෙටම ඇහෙන්න කෑ ගහල අඩන කොට ඇය ලෝකයට වසන් වෙල දහස් වාරයක් අඩන්න ඇති.ගනන් කරන්න බැරි තරම් රැයවල් නිදි වරමින් අපව සනසන්න ඇතිද​........කුසට අහරක් නොගෙන අපේ කුසගිනි නිවන්නට ඇතිද​........සමාජයේ අනේක විධ තාඩන පීඩන මැද නොසලී ඉඳ්‍රකීලයක් මෙන් නුබ අපව යහපත් පුරවෙසියන් කරන්නට කොතරම් වෙහෙස මහන්සි වන්නට ඇතිද​...............ඒ නුබයි අපේ අම්මා.........


                  අද ලෝක මව්වරුන් ගේ දිනය​..දින දසුනේ දිනයක් වෙන් කලත් නොකලත් ඇගේ අපරිමිත සෙනෙහස​,ධෛර්‍ය දූ දරුවන් ලෙස අපට අමතක කල නොහැක​..... ලොවේ උතුම්ම ළද නුබයි......... මගේ ලොවට පෑයූ හිරු,සදු නුබයි.........ලොවෙන් මා කොතෙක් ගැරහුම් ලැබුවත් අපවාද​,අපහාස ලැබුවත් අදත් නුබට නුබේ පුතුමය​.ඒ සෙනෙහසේ බිදුවක් වත් වෙනස් වී නොමැත​......නුබේ සෙනෙහස අමිලය​.ධනය,බලය හමුවේ ආදරය වෙනස් වන අද සමාජයේ නුබේ ආදරය නොවෙනස්ව සදාකල් පවති.....දයාබර මව්නි..... නුබට මා සදා ණයගැති........

No comments:

Post a Comment