Friday, May 27, 2016

හිතට දැනෙන ගී Emotional songs


එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා



එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....



දුක පිරුනු මගෙ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිනි දුක පැනිරසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....



අනාගත වාලුකා කතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අවපසෙක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

(සෝමතිලක ජයමහ)

No comments:

Post a Comment