අම්මයි තාත්තයි අපිට මොනවද දුන්නේ ආ....
(මෙහෙම අයන්න ලැජ්ජා නැද්ද)
"අම්මයි තාත්තයි අපිට මොනවද දුන්නේ ආ......මගෙ යළුවාගේ ගෙදරින් එයාට ඕන හැම දේම දෙනව...ඔයාල අපිට මොනවද දුන්නේ... මීට වඩා හොදයි ඉපදෙනකොටම මරල දැම්මනම්......"
ඔයාලටත් ඇහිල ඇති මේවගෙ දෙබස්.නැත්නම් දවසක ඔයාලත් ඔයාලගේ අම්මට හරි තාත්තට හරි මෙහෙම කියල තියෙනවද......ඔයාල දැකල තියෙනවද ඔය වචන ටික කියනකොට එයාලට මොකද උනේ කියල... එ ක්කෝ හිස් බැල්මකින් ඔයාල දිහා බලාගෙන ඉන්න ඇති නැත්නම් දුක් විදල,නිදිමරල බොරපාට උන ඇස් දෙකේ කදුලු පුරෝගෙන බලාගෙන ඉන්න ඇති.
එහෙනම් ඔයාල මේටිකත් අහගන්නකෝ..... දැන් යන්න ඔයාගෙ කාමරේ මූණ බලන කණ්නාඩ්ය ලගට...කෙලින්ම හිටගන්න කණ්නාඩ්ය ඉස්සරහ.දෙන් බලන්න ඔයාගෙ දිහා.ඔයාගේ ඇස් දෙක හොදට තියෙනව නේද.... අත් දෙක...ඒ දෙකත් කඩන්නේ බිදින්නේ නැතුව හොදට හදල තියෙනව නේද.... දැන් බලන්න ඔයාගේ කකුල් දෙක දිහා... ඒ දෙකත් හොදට තියෙනව නේද..... එගථ් හොදට හැදිල නේද.....හම්ම්ම්ම්ම්ම් දැන් කියමු බලන්න ඔය ඇස් දෙක පොට්ට නොකර අත පය නොකඩා උස් මහත් කලේ කවුද..නිකම්ම ඔයාල ලොකු උනාද නෑ නේද.. කුසට හරියට අහරක් නොගෙන,හරියට නින්දක් නැතිව ඔයාල ඔයාල හදපු එකම මදිද.. තව මොනවද එයාලගෙන් ඉල්ලන්නේ ආ...... ඇත්තටම ඔයාලට ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තේම නැද්ද.... පොඩ්ඩක් ඔයාලම හිතල බලන්නකෝ.......
No comments:
Post a Comment