Friday, May 6, 2016

යුග පෙරලිය​ Change of the ages (poem)


යුග පෙරලිය​


කාලෙකින් ගමට එනකොට​
මටත් වැරදිලා වාගෙයි පාර​
වැව ඉහත්තාවෙන් තිබුන​
අඩි පාර​
තිබුන තැනක් වත් නෑ.
මැදින් සුදු ඉර ඇදල​
හරියට මැනල 
හතරට බෙදපු කාපට් පාර​
කැලෙත් කපගෙන 
හුගක් දුර ගිහින්....
පහල වෙල් යායේ..
ගජරාමෙට කොලදින් වැඩ​
හරිම පුදුයි ඒත්...
බුලත් විට කාල​
මුළු කටම රතු කරගෙන​
යායටම ඇහෙන්න කවි කියපු
සියාතු අයිය පේන්න නෑ
මහ ටැක්ටරේකට අමුනපු
යකෙක් වගේ 
යන්තරයක් විතරයි අද​
මුළු යායටම​........

No comments:

Post a Comment